ඉතින් අවාසනාවක ඇලදෙනියේ ගල්ලද්දා අලංකාරය ගැන කිසිම සඳහනක් සිංහල සාහිත්‍ය ඉතිහාසයේ නැත පුංචිබන්ඩා සන්නස්ගල මෙන්ම චාල්ස් ගොකුඹුරේ ලියු සාහිත්‍ය ඉතිහාස පොත්වලට මේ ඇල්දෙනියේ ගල්ලද්දා අලංකාරය හමු නූනේ ඇයි? නමුත් අපට ගල්ලද්දා අලංකාරය හමුවන්නේ බ්‍රිතාන්‍ය පුස්තකාලයේ හියු නෙවිල් එකතුව ඔස්සේ දුර්ලභ පොත් සොයද්දීය. කිරිමැටියාවේ මේ කාව්‍ය අලංකාරය කරන්නේ 1761 දී පමන කිත්සිරි රජු මෙහෙයවූ ලනදේසි සටනට අවශ්‍ය තුවක්කු ඉක්මනින්ම සදා දීමේ ගෞරවය වෙනුවෙන්ය. මේ අපුරු කාව්‍ය පුරා නුවර යුගයේ ජන ජිවිතය හා නිශ්පාදන ගැන අපුරු තොරතුරු තිබෙ.
අපේ මතකයට ඇල්දෙනියේ ගල්ලද්දා අලංකාරය ගෙනාවේ සිංහල වීර අතුරලියේ රතනට මහනුවරදී ලැබුනු ගෞරවය දැකීමෙන්ය. මීට පෙර මෙබඳු පිදීමක් විශ්වකුල වංශිකයෙක් ලැබුවේ මීට වසර 260 පෙරය. ඒ ඇල්දෙනියේ ගල්ලද්දාය. කිත්සිරි රජු නම් පහක් සහිත නම්බුනාමයක්ද නළල් පටක් ද දුන් බව එම කාව්‍ය වාර්තා කරන්නේය.
විශ්වකුල වංශිකයෝ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ ගාල්ලෙන් පැමිනි විමලසුරෙන්ද්රය. එතුමා මෙරටට දයාද කලදේ ගැන පොතක්ම ලිවිය යුතුය. යටත්විජිතවාදයෙන් කුලයක් හැටියට වැඩිපුරම බැට කෑවේ විශ්ව කුලයයි. නවකම් හෙවත් නව නිර්මාන කල නවන්දන්නාවරු බ්‍රිතානි යුගයේදී බලවත් දුකට පත්වූහ. සියලු නිශ්පාදන පැමිනියේ එංගලන්තයෙනි . නමුත් ජීනසේනලා බඳු නිර්මානකරුවෝ මේ නිශ්පාදන ආක්රමනිකයන්ට අභියෝග කිරීමට පුරුදුවී නමක් දිනා ගත්හ. අපේ රටේ යකඩ හැදුවේත් හොඳම කඩු හැදුවේත් දුටු පමනින් හොඳම තුවක්කු හැදුවේත් නවන්දන්නාවරුය. නමුත් තිස් අවුරුදු සිවිල් යුද්ධයක නිරතවූ පාලකයෝ මේ ජනයාගේ උපන් හපන්කම් වලින් කිසිදු ප්‍රයෝජනය නොගත්හ. මීට පෙර ලිපියක අපුරු තුවක්කු හැදූ අපේ ගමේ මල්හමී මාමාට අත්වු ඉරනම සඳහන් කර ඇත.
එහෙමනම් රතනාලංකාරයකුත් ලියවෙයිද? නැත නුතන දේසපාලන ගවරවල එබඳු අවංකයන් නිශ්පාදනය කරන්නේ නැත. සියල්ලම බලය සඳහා රංගනයකි [ මේ අදහස් මගේ නොවේ නාට්‍යකරු ධනංජගේය] මෙයට හොඳම උදාහරනය බේන්ගමුවේ නාලකය. රතනගේ ලඟම ඥාතියා වූ බෙංගමුවේ නාලක රතන ගැන කියූ දෙවල් වලින් ඒ බව සනාත වන්නේය අනෙක රතනගේ දේශපාලන ඥාතියෙක් වූ ඇල්ලේ ගුණවංශ කී දෙයින්ද අපේ මේ දේශපාලන රංගන මතය හොඳින්ම සනාත වන්නේය. කොහොමනමුත් කවරෙක් රතනාලංකාරයක් ලීවත් එය ගල්ලද්දා අලංකාරය මෙන් ඉතිහාසයට එකතුවී පිටරටක පුස්තකලයක තිබී තවත් අවුරුදු 250 කින් හමුවීමට ඉඩ තිබේ.
නන්දන වීරරත්නගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනුනෙකි.