Jun 19, 2019

හොඳම තාක්ෂණය, තාක්ෂණය නොව ගස් සිටුවීමයි Featured

දේශගුණික විපර්යාස අවම කිරීමට ඇති හොඳම තාක්ෂණය, තාක්ෂණය භාවිතය නොව ගස් සිටුවීමයි.. The Best Technology for Fighting Climate Change Isn't a Technology: It's Forests- (Han de Groot) ලිපියෙන් කොටසක් පරිවර්ථනය කර මෙම ලිපියට ඇතුලත් කර ඇත.

මේ වන විට පැරිස් සමුළුවෙන් පසු කොරියාවේ මුල් කර ගනිමින් අයි පී සී සී (IPCC) වාර්තාව එළිදක්වා ඇතත් මහපොළොව පිළබඳ හෝ සතා සීපාවා පිළිබඳ හෝ වචනයක් එහි අඩංගු නොවේ. විශේෂයෙන්ම මේ වන විට ලෝකයේ දේශගුණික විපර්යාස වෙමින් පවතින අතර උෂ්ණත්වය ඉහළ යමින් පවතී. පසුගිය වකවානුව වන විට පසුගිය දශකයේ සෙල්සියස් අංශක දෙකකට වඩා සාමාන්‍යයෙන් ගත් කළ ලොව සැම තැනම උෂ්ණත්වය ඉහළ ගොස් ඇත.

මෙහි බලපෑම මුළු ලොවටම තදින් දැනෙන අතර විශේෂයෙන්ම වනසතුන්, කලපු, මුහුදු වනාන්තර ඇතුළු වාසස්ථාන විනාශවනඅතර ලෝකය පුරා ගංවතුර ,තත්ත්වයන් දැඩි නියඟයන් ඇතිවෙමින් පවතී.

12122684 982633188475342 4248127759888754111 nලංකාව ගත්කල ලංකාවේ අනුරාධපුර මේ වසරේ පෙබරවාරි වන විට සෙල්සියස් අංශක 40 කට ආසන්න ප්රමාණයක් උෂ්ණත්වය ඉහළ ගොස් තිබූ අතර එය ලංකා ඉතිහාසියේ වාර්තාගත උෂ්ණත්වයකි. පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ උෂ්ණත්වය මීළඟ අවුරුදු 7 ඇතුළත තවත් සෙල්සියස් අංශක කීපයකින් ඉහළ යෑමේ දැඩි අවදානමක් ඇති බව අපි කළිනුත් පවසා තිබුණි.

ඒ අනුව ලංකාව ගත් කළ දූපතක් වශයෙන් නැවත සකස් කර ගැනීමට නොහැකි වන ලෙස උෂ්ණත්වය ඉහළ යෑමත් වනාන්තර විනාශවීම, ගංවතුර ඇති වීම, දැඩි නියං කලාප ඇති වීම සිදු වීම අනිවාර්ය කාරණයක් වේ.
ලෝක මට්ටමෙන් ගත්කලත් මෙය අනිවාර්ය කාරණයක් වන අතර එහි බලපෑම සතා සීපාවට මෙන්ම මේ වනාන්තර පද්ධති මහපොළොව ආශ්රිතව තමන්ගේ ජීවිකාවගෙන යන දුගී ජනයාටත් බලපාමින් ඇත.

මේ වන විට ලොව පුරා දේශපාලඥයින්ගේ අවධානය යොමු වී ඇත්තේ ලෝකයේ ගල් අඟුරු ප්‍රමුඛකරගත් ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට තාක්ෂණය සොයා ගැනීමත් හරහා දේශගුණික විපර්යාස අවම කර ගැනීමයි. මේ සඳහා මේ වන විට යෝජනා සම්මත වෙමින් නොයෙකුත් වාර්තා ලොවපුරා එළියට එමින් ඇති අතර මහා සමුළු පවත්වමින් ලෝකය පුරා සාකච්ඡා ගණනාවක් මේ වන විට පවත්වා ඇත.

ලෝකයේ කාබන්ඩයොක්සයිඩි ප්රමාණය ඉහළ යන්නේම ප්රධාන වශයෙන් මිනිසුන්ගේ ක්රියාකාරකම් නිසාය. එයිනුත් 71% ක් කාබන් ලෝකයට මුදා හරින්නේ ලොව පුරා ඇති ප්රධානම ෆොසිල ඉන්ධන සමාගම් සියයක් මඟිනි. එයිනුත් විශේෂයෙන්ම චීනය මුල් කර ගත් තෙල් ගල් අඟුරු ආශ්‍රිත සමාගම් මඟින් ලෝකයටම මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතාමත් අධික ස්ථානයක් ගනිමින් පවතී න බව The Carbon Majors Database ,CDP Carbon Majors Report 2017පවසයි . මෙයට අමතරව සෞදි අරාබියන් ඔයිල් සමාගම් ( Saudi Aramco), කෝල් ඉන්දියන් ඔයිල් සමාගම (Coal Indian Oil ) , රුසියන් කෝල් සමාගම (Russia Coal),රෝයල් ඩච් සෙල් සමාගම ( Royal Dutch sell) , චෛනා නැෂනල් පෙට්රෝලියම් කෝපරේෂන්( CNPC) , අබුදාබි නැෂනල් ඔයිල් කෝප⁣රේෂන් (ANOC),පෝලන්ඩ් කෝල් කෝපරේෂන් ( Poland Coal Coparation ) වැනි සමාගම් ගණනාවක් ලෝකයේම දූෂිත සමාගම් සියය අතරට ඇතුළත්ව ඇති අතර මෙය ආසියාව මුල්කරගත් සමාගම් පමණක් නොව යුරෝපයට අයිති සමාගම් ගණනාවක්ද මේතුළ අඩංගු වේ.

කාර්මීකරණය ආරම්භ වී වසර දෙසියකටත් වැඩි කාලයක් ගතවන මේ මොහොත වන විටත් ලොවපුරා කාර්මාන්තශාලා වලින් 52% ක්රියාත්මත වන්නේ ෆොසිල ඉන්ධන දහනයෙනි. ඒ අනුව එම කර්මාන්ත ශාලා මගින් හා ඉහත් පෙන්වා දුන් ඉන්දන සමාගමි මගින් විශ්වයට එක්කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන බිලියන 993 වඩා වැඩි බව පර්යේෂකයන් පෙන්වා දෙන් ලබයි .

ලොව පුරා පසුගිය දශකය ඇතුළත පවත්වන ලද දේශගුණක විපර්්යාස අවම කිරීම උදෙසා වන සමුඵවල ආධාර කරුවන් ලෙසද ඉහත පෙන්වාදුන් සමාගම් කටයුතු කර ඇත. විශේෂයෙන්ම යුරෝපය මුල්කරගත් සමාගම් යුරෝපා සංගමයේද සාමාජික රටවල් වල සමාගම්ය. එහෙයින් විශේෂයෙන්ම ඔවුන්ට තමන්ගේ රටවල් ආශ්‍රිතව කාබන් ප්‍රමාණය අඩු කිරීම ප්‍රමුඛ කාර්යයක් කිරීමට හැකියාව ඇතත් තවදුරටත් සාකච්ඡා සම්මුති ගෙන යනවා මිසක් තමන්ගේ සමාගම් වසා දැමීමට හෝ එම නිෂ්පාදන අවම කිරීමට ඔවුන් වුවද කටයුතු කර නැත.61139214 10217070277721766 8717966802589581312 n

ඒ වෙනුවට විශේෂයෙන්ම යුරෝපයත් ,ඇමරිකාවත් මුල් කරගත් ප්‍රතිපත්ති තුළ කාබන් බදු අය කිරීම එමෙන්ම තෙල් මිල, ගල් අඟුරු මිල ඉහළ දැමීම වැනි වෙළඳපොළ ක්‍රමයක් මඟින්ම කාබන්ඩයොක්සයිඩ් අවම කිරීමට උත්සාහ ගන්නේද වක්ක්‍රාකාරවම තමන්ගේ වෙළඳපොළ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත බව හොඳින්ම වැටහෙන කාරණයකි.

නමුත් තවමත් ජාත්‍යන්තර අවධානය යොමු වී නැතත් දේශගුණික විපර්යාස අවම කිරීමට ඇති හොඳම තාක්ෂණය වර්තමානයේ හඳුනාගන්නා කිසිඳු තාක්ෂණණ වේදයකට ළඟාකරගත නොහැකි වූ වනාන්තර තුළ ඇති ස්වභාවික තාක්ෂණ ක්‍රමවේදයයි. ඒ අනුව පර්යේෂකයින් විසින් ඵෙතිහාසිකව ඔප්පු කර ඇති කාරණය මෙන්ම සොබාදහම විසින්ම ඔප්පුකර ඇති කාරණය වන්නේ දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ප්‍රමුඛයා ලෙස වනාන්තර කටයුතු කරන බවය. ඒ අනුව ලොව අද කළ යුත්තේ වෙනත් තාක්ෂණයන් පසුපස හඹායනවාට වඩා දැනට ඇති ⁣සොබාදහම ප්‍රයෝජනයට ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම උදෙසා උපාය උපක්‍රම භාවිතා කිරීමයි. නමුත් ලෝකයම අද වන විට එය මඟහරිමින් වෙනත් උපාය උපක්‍රම හා තාක්ෂණවේදයන් සොයමින් සිටින මොහොතක දේශගුණික විපර්යාස තවදුරටත් ලෝකය පුරා සිදු වෙමින් පවතී.

විශේෂයෙන්ම ගත් කළ ඇමර්සන් වනාන්තරය ආශ්‍රිත රටවල් පේරු, කොළොම්බියා, බ්‍රසීල් වැන් රටවල් වල 75%ක් කාබන් උරාගැනීම ඇමර්සන් වනාන්තරය මඟින් කරන අතර ලෝකයේම කාබන් උරා ගැනීමේ ක්රමවේදය වැසි වනාන්තර තුළ ඉතාමත් ක්‍රියාශීලීව වන නිසා වැසිවනාන්තර ඇතුළු වනාන්තර සුරක්ෂා කිරීම කාබන්ඩයොක්සයිඩ් අවම කර ගැනීමේ ප්‍රමුඛතම ක්‍රමවේදය බවට පත් විය යුතුය.
ඒ අනුව ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම වයාපාරිකයන් කළ යුත්තේ වනාන්තර කැපීමට උඩගෙඩි දෙනවාට වඩා තම කර්මාන්තශාලා, ගල් අඟුරු බලාගාර සහ ඉන්ධන ඔයිල් නිෂ්පාදන ආයතන ඇතුළු කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරන නොයෙකුත් කර්මාන්තශාලා සහ ක්‍රියාවන් මඟින් නිෂ්පාදනය වන කාබන්ඩයොක්සයිඩ් නැවත ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට ශාක භාවිතය හා වනාන්තර විනාශ කිරීම නවතා දැමීමයි.

ලොකයේ පරියේෂණ වාර්තා බලන කළ ලෝකයේම බිලියන 1.6 ක් ජනතාව කෙළින්ම ජීවත් වන්නේ වනාන්තර පදනම් කර ගනිමින්ය. වනාන්තර කපා දැමීම තුළ ඔවුන්ගේ ජීවිත අහිමිවනවා පමණක් නොව සතා සීපාවා ,බින්කරයේ වතුර ,පිරිසිදු වාතය, භාවිතායට ගන්නා ⁣ඖෂධ ඇතුළු නොයෙකුත් දේවල් ලෝකයටම අහිමි වෙමින් පවතී.

ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීමට ඇති එකම විසදුම වන වනාන්තර ආරක්ෂා කිරීම සහ නැවත වන වගාවන් කිරීම ලෝකයේම මුල් අවධානයට යොමු වී තිබෙන මොහොතක ලංකාවේ 1882 දී 82% ක් තිබූ වනාන්තර 2019 වන විට 15.5% දක්වා අඩු වී ඇති අතර ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන පරිදි ලංකාව ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර 4 වන ස්ථානයටද පැමිණ ඇත.

beachමේ තත්ත්වය බලන කල ලෝකයේ සමුළු පවත්වනවා මෙන්ම ලංකාවේද ප්‍රායෝගිකව දේශගුණික විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් කිසිඳු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවේ. දේශගුණික විපර්යාස අවම කිරීමට දැනට ඇති හොඳම උපක්‍රමය සහ යෝජනාව සහ ප්‍රතිපත්තිය වනාන්තර ආරක්ෂා කිරීම ඒවා පවත්වාගෙන යාම සහ නැවත වන වගා කිරීමයි.

ලෝකයේ විශේෂයෙන්ම මේ වන විට ජනසමාජ මුල් වී පවත්වාගෙන යන වනාන්තර ගණනාවක් ඇත. ඉන්දියාවේ ආර්යා වනාන්තරය , ලංකාවේ සිංහරාජය ඇතුළු වනාන්තර මෙන්ම තවත් කුඩා වනාන්තර ,ගෝතමාලාවේ පෙටන්ට් ප්රාන්තයේ තිබෙන කමියුනිටි ෆොරස්ට් ආදී වනාන්තර ,ඇමර්සන් කොන්ගෝ මේ සියලු වනාන්තරත් ආරක්ෂා වන්නේ ඒ ඒ රටවල් වල නීති පද්ධති හෝ ව්‍යාපාරිකයින්ගේ හෝ සමුළු වලින් ආ ප්‍රතිපත්ති නිසා නොව ඒ ඒ ප්‍රදේශ වල ජනතාවගේ ක්‍රියාකාරීත්වයන් සහ ඔවුන්ගේ වුවමනාව මතය.

එම නිසා ⁣(Community based forest conservation )ජනතාව මුල් කර ගත් වනාන්තර ආරන්ෂා කරගැනීමේ ක්‍රමය මගින් ලෝකයේම තිබෙන වනාන්තර ආරක්ෂා කරමිනුත් එම වනාන්තර වල ඵල ප්‍රයෝජන හා ශාක සහ සතුන් නොවන , ජනතාවට ලබා දීම මගිනුත් මේවා ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් සාදා ලෝක මට්ටමෙන් කාබන්ඩයොක්සයිඩ් , කාබන්මොනොක්සයිඩ් ඇතුළු දේශගුණික විපර්යාස ඇති කිරීමට මුල්වන වාතය අවම කිරීම මඟින් අපට ⁣2025 වන විට දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ක්‍රමවේදයකට යා හැකිය.

ඒ සඳහා පියවර ගැනීම ඉක්මනින් කළහොත් ඉක්මනින් දේශගුණික විපර්යාස තව දුරටත් වැඩි නොවී එක ම⁣ට්ටමකින් පවත්වා ගැනීමේ හැකියාව අපට ඇතත් අවාසනාවකට මෙන් ලංකාවේත් මුළු ලෝකයේත් අවධානය යොමු වී ඇත්තේ දේශගුණික විපර්යාස අවම කර ගැනීමට වෙනත් තාක්ෂණයන් සොයා ගැනීම සහ ඒ වෙනුවෙන් විවිධ රටවල් වල සමුළු පවත්වමින් තවදුරටත් දේශගුණික විපර්යාස ඇති කරීමට අවශ්‍ය සාධක ඇති කිරීමත්, ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මත කාබන් බද්ධ වැනි ව්‍යවසානයනුත් මුදල් උපයන ක්‍රමයන් සොයා ගැනීමයි. එම නිසා පුද්ගලයන් ලෙස අපට කළ හැක්කේ මේ ක්‍රමයට අප විරුද්ධ නම් කාබන්ඩයොක්සයිඩ් , කාබන්මොනොක්සයිඩ්, ඇතුළු දේශගුණික විපර්යාස ඇති කරන වාතය අවම කිරීමේ සොබාවික ක්‍රමය වන වනාන්තර ආරක්ෂා කර ගැනීම උදෙසා පෙළ ගැසීමයි.

-රවීන්ද්‍ර කාරියවසම්-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top