Aug 25, 2019

මිලේච්ඡ හොමෝසේපියන්ලාගේ හෙට දවස Featured

හෙටක් යන්න තවදුරටත් සිතීමටවත් නොහැකි දෙයක් වී හමාරය. සමස්ථ පෘථිවි වාසීන්ගේම තීරණාත්මක මොහොතක් අපි ගත කරමින් සිටින්නෙමු. ගම් නගර රට රටවල් වල⁣ට සීමා දමා ගත් යුගයක මිලේච්ඡ හොමෝසේපියන්ලා තවත් කෑමොර දෙන්නේ කෙලවරක් නොමැති බලකාමීත්වයට ද.. ඇමර්සන් ගිනිගත්තේ බ්‍රසීලයේය. අති මහත් ජෛව විවිධත්වයක් නැතිවූයේද ගිනි ගනිමින් දැවෙන්නේද, කාබන්ඩයොක්සයිඩ් තුලින කලේද, ඔක්සිජන් නිපද වූයේද සමස්ථ පෘථිවි ගෝලයටම බව මැතිවරණ ව්‍යාපාරයන් පසපස දුවන සේපියන්ලාට මේ බව පසක් වන විට පෙළහැර ගොස් හමාරය.

ඔක්ජොකුල් ග්ලැසියරයද මියගොස් හමාරය. තවත් ඉතිරිව ඇත්තේ අල්පයකි. ලංකාවේ ද සිංහරාජය,දුම්බර, විල්පත්තු, කන්නෙලිය, මාදුරුඔය, මේ සියල්ලද විනාශ කරමින් සිටින්නේ තොපේ පමණක් යැයි සිතන බූදලයක් නිසාද?

ලොවපුරා මිනිසුන් නැගීසිටිමින් සිටින මෙහොතක ලංකාවේ ඔලමොට්ටල රාළලා කොහේ සැඟවීද.. සිංහල බෞද්ධ කොඩිය යට පමණක් සිටගත්තාට මදිය. ආගමක් හෝ දර්ශනයක් හෝ පවතින්නට නම් ජීවත් වන්නට සුදුසු පරිසරයක්ද තිබිය යුතුය. නුඹට නුඹ පමණක් , මුදල් පමණක්, ධනවාදය පමණක්, පුහු ආටෝපය පමණක් අවශ්‍ය නම් සොබාදහමේ ජලයවත් භාවිත නොකර එසේ කර බලන්න. ඔබට හැකි නම් පරිසරයෙන් මිදී ජීවත් වන්න⁣ට ඔබ මිලේච්ඡත්වයට සුදුසු වනු ඇත. ඔබට එසේ කිරීමට නොහැකි නම් ආපසු හැරී යුතුකමක් හෝ ඉටු කරන්න.

ඉදිරියේදී මිහිමඬල උණුසුම් වනු ඇත. කලට වැසි නොවැටෙනු ඇත. අද දවසේ පැලයක් හෝ සිටවා ගෝලීය උෂ්ණත්වය අවම කිරීමට දායක වන්න. නොඑසේ නම් කොන්ක්‍රීට් තැවරූ කෘතිම වනාන්තර පමණක් ඉතිරි වනු ඇත. සිංහරාජයට සිදු වන්නට ගියේද එයමය. බ්‍රසීලයේ ඇමසන් වලට උරුමකර දුන් ගිනිදැල්, අද දවසේදී ලංකාවේ සිංහරාජයේ රක්වාන ප්‍රදේශවල ඉඩම් ජනසතු කරමින් ගිනිපුපුරු දැල්වෙමින් ඇත.වගකිවයුත්තෝ පවතින ක්‍රමයේ අධිපතීන්ලා වන අතර සියල්ලෝම මුනිවත ලා ඇත.

කුණු වලට කියන්නට ඇත්තේද මේ ටිකමය. ධනවාදයේ හිනිපෙත්තට නැඟි නුඹලාගේ කුණු පමණක් නොව නුඹලාම ගෙන්වන අනුන්ගේ කුණු වලටද මීතොටමුල්ල, අරුවක්කාලු, මුතුරාජවෙල, අහිංසක මිනිසුන්ගේ මරණය කැඳවනු ඇත..

සිතන්නට කාලය එළඹ ඇත.තවදුරටත් තම අයිතීන් වෙනුවෙන්ම සටන් කරනවාද, ගහක කොළක සුව විඳිමින් ජීවත් වන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් ජීවත් වනවාද? අද දවසේ පැවැත්ම හෙට දවසේ සුරක්ෂිතතාව තහවුරු කරනු ඇත..

-shanika pathirana-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top