මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට තීන්දු වීමත් සමග ඒ පිළිබද පක්ෂව හා විපක්ෂව විවිධ අදහස් පළවන ආකාරය දක්නට ලැබේ.
විශේෂයෙන් සමාජ ජාල තුළ මේ පිළිබදව මොහොතින් මොහොත විවිධ නිර්මාණාත්මක පෝස්ට් පළවේ.
මෙම තේමාව ඇන්ටන් ජෝන්ස් ගේ 'අඳින්න මිනි ගවුම අඳින්න' බයිලා ගීතයේ තනුවට අනුව නිර්මාණය කළ අපූරු ෆේස්බුක් සටහනක් පහතින් පළවේ.
Janaka Edirisinghe:-
(ඇන්ටන් ජෝන්ස් හිටියනං)
************************************
සල්ලි දීල සයිටම් ගියෙ දොස්තර වෙන්න..
අන්තරෙ උන් එක්ක බෑනෙ මේක කරන්න..
කවුරු මොනව කිව්වත් උඹ එපා සැලෙන්න..
සයිටම් ඩ්‍රිග්‍රිය අරගන්න..
සයිටම් ඩිග්‍රිය අරගන්න..
අපේ හිච්චි කොලුවා ඌ මෙහෙම කියන්නේ
රටේ තොටේ කවුරුත් දැන් සයිටම් යන්නේ..
මම කොහොමද ඒම නැතුව දොස්තර වෙන්නේ
මටත් සයිටම් ඕනේ.. ඔව් මට සයිටම් ඕනේ..
මොකද දෙවියනේ මේකට වෙලා තියෙන්නේ
හිච්චි පුතේ ඇයි පපුවට ගින්දර දෙන්නේ
සයිටම් යන්නට කාටද සල්ලි තියෙන්නේ
මේම කියපු ගමන් කොල්ලා මගෙ ඇඟට ගොඩවුනේ...
අපේ කොලුවගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා..
කන්න නැතිවුනත් මූ සයිටම් ඉල්ලනවා..
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ දඟලනවා..
ඉඩම තියා ණය මුදලක් මෙමං ඉල්ලුවා..
ලොකු පොලියක් සමග ණය මුදලත් ලැබුනා..
කොලඹට ආවා එනකොට කරුවල වැටුනා
සයිටම ලඟටම එන්නා එතකොට වෙඩි හඬ ඇසුනා
මෙය ඇසු මගෙ කොල්ලා මරහඬ දීගෙන පැන්නා..
මොකද දෙවියනේ අද මේ වෙලා තියෙන්නේ..
වෙඩි තිබ්බෙ කවුද සයිටම් එකෙ ලොක්කද මැරුනේ..
මෙය ඇසුන එවුන් අපේ දිහා රවල බලන්නේ
එයින් එකෙක් මේ විදියට උත්තරදුන්නේ..
ලොක්ක මැරෙන්නේ වෙඩිල්ල ඇඟේ වැදුනම..
කාර් එකෙයි වැදුනේ ඒ තියාපු දෙකම
දොරේ සද්දෙ වාගේ එකපාර ඇහුනට
පඩේ සද්දෙ අඳුනනවා අපි නම් තාම..
- ජනක එදිරිසිංහ -