Nov 01, 2020

අපේ යාළුකමට අවුරුදු 10යි : ආයෙත් වැළඳගමු Featured

අද 2020 නොවැම්බර් 01 වැනිදා. විප්ලවීය ඔක්තෝබරය නිමාකරන් නොවැම්බරයටත් හිරු මුදුන් වෙලා.

බටහිර ක්‍රිස්තියානි සියළු සාන්තුවරයන්ගේ දිනයත් යෙදෙන්නේ අදටමයි.

ඒ වගේම පළමු විධායක ජනාධිපති, විවෘත ආර්ථිකය ගෙනා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අභාවයේ ගුණ සැමරුම යෙදී ඇත්තෙත් අදයි.

ලෝක නිදහස් දිනය (09) ඒ වගේම ලෝක රූපවාහිනී දිනයත් (21) යෙදී ඇත්තේ ද නොවැම්බර් මාසයේදීමයි.

කොහොමවුණත් මේ වන විට සීතල නොවැම්බරයට මුල පුරල හමාරයි.

නොවැම්බරේ ආරම්භය නොවැම්බර් පළවැනිදා අපට වැදගත්වෙන්නේ එදා තමයි අපේ සම්බන්ධය පටන්ගත්තේ.

නැත්නම් "දැනගැනීමට ඇති අයිතියත් - වෙනස් කිරීමේ බලයත්" සහතික කිරීමේ අධිඨනින් ශ්‍රී ලංකා මිරර් විද්‍යුත් පුවත්පත ආරම්භ කළේ.

දැන් ශ්‍රී ලංකා මිරර් ට අවුරුදු 10ක් වෙලා.

අද ඒක උත්සව තියල සමරන්න බැහැ…

ඒ…..

නිදහසේ හුස්මගන්න බැරුව ඉන්න.. එළිය තිබුණත් ඇඳිරි නීතියට කොටුවෙලා ඉන්න…දරුවන්ට ලුණු කැඳ ටිකක් පොවන්න හාල් මිටක් සොයාගන්න බැරුව අසරණවෙලා ඉන්න... රෝහල්වල ජීවිතේ රැකගන්න පොරබදන දරුවෝ, අම්මල, තාත්තලා, අයියලා, අක්කලා, සහෝදර සහෝදරියෝ,අසරණ වෙච්ච මිනිස්සු ඉන්න රටේ.

අපි ඔයාල 10 වැනි සැමරුම ප්‍රීතියෙන් සමරන්නේ කොහොමද?

ඔය සම්බන්ධය අපිට ගොඩක් වටිනවා… ඒ නිසා අපි මෙහෙම සිල්ලරව අපේ 10 සමරණවා…

ගෙවුණු දහයේදී ඔබේ හයිය හැර අපට වෙන කිසිවක් තිබුණේ නැහැ…ඒ හයියෙන් අපි ලෝකයක් දිනා ගත්තා…ඒ හයිය අපිට හෙටත් ඕන…

ඉතිහාසය වර්තමානය සඳහා සන්දර්භය සකසයි..

ඔබට ස්තූතියි…
අපේ රට කොරෝනාවෙන් තොර වේවා !
ඔයාලට දීර්ඝායු !
නිදහසේ හුස්ම ගින්ද්දි අපි 10 ජයට සමරමු !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top