Nov 30, 2020

නාමල් සමඟ විවාදයක් නැතිව එකඟවිය හැකි ස්ථාවරයක්

"අපේ රජයේ දැක්ම වන්නේ ව්‍යවසායකයින් බිහිකිරීමයි! අපි හැමදාම යැපෙන්නන් හදල වැඩැක් නෑ අපි හඳන්න ඕනෙ වැඩි රැකියා අවස්ථා නිර්මාණය කළ හැකි ව්‍යවසායකයින්! සමෘද්ධිලාභීන් වැඩිපුර ඉන්නව කියන්නෙ සතුටුවෙන්න කාරණයක් නෙමෙයි"

- නාමල් රාජපක්ෂ

නොමිළේ.. සහන...සහනධාර... මතක ඇති කාලයක සිට දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම ඇසුනු වචන මේවා විය හැකිය.

නවසිය හතලිස් අටේ නිදහස ලැබීමෙන් පසුව රටේ දුප්පත්කම දරිද්‍රතාව නැති කරන්නට යැයි කියමින් හැම ආණ්ඩුවක් විසින්ම ප්‍රමුඛතාවය දී ක්‍රියාවට නැගුවේ දුප්පතුන් යැයි තොරාගත් කාණ්ඩවලට මුල්‍ය සහනාධාර හෝ ඇතැම් සේවාවන් නොමිලයේ ලබාදීය.

මුද්දර කාඩ් පිං පඩි ජනසවිය සමෘද්ධි යනාදී වශයෙන් දුප්පතුන් වෙනුවෙන් අති විශාල මුදලක් හැම ආණ්ඩුවක්ම වැය කර තිබේ.

මහාචාර්ය යුසුෆ්ගේ තියරිය මෝඩ දේශපාලඥයන් පටලවා ගැනීම

බංගලිදේශයේ මහාචාර්ය මොහොමඩ් යූසුෆ් ගේ ග්‍රාමීන් බැංකු සංකල්පය ජනසවිය ව්‍යාපාරයට මුල්වූ බව පැවසේ.

ලොව කීර්තිමත් දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් වශයෙන් අදටත් සැලකෙන ග්‍රාමීන් බැංකු ක්‍රමය දිළිඳු කාන්තාවන් මුල් කරගනිමින් ක්‍රියාත්මක වූවකි.

කෙසේවුවද, අප එය ගුරුකර ගැනීම මිස එය ගෙඩිපිටින් ගත යුතු නැත. අඥාන දේශපාලකයන් සිදුකරනු ලැබුවේ එවැනි සංකල්ප ගෙඩි පිටින් ගැනීමය.

Namal design 1

ග්‍රාමීන් බැංකුව මගින් අවසානයේ යාචකයන්ටත් ණය ලබාදුන් බවද කියැවේ.

එම ව්‍යාපාරයේ සාර්ථකත්වය හේතුවෙන් මහාචාර්ය මොහොමඩ් යුසුෆ් නොබෙල් ත්‍යාගයෙන් පවා පුදනු ලැබුණි.

මොහොමඩ් යුසුෆ් මහතාට අමතරව මෙවැනි සංකල්ප පණ ලැබීමට ෂුමාකර් මහතාගේ සංකල්ප ද උත්තේජනයක් වූ බව පැවසේ.

ඒවා නිසි ලෙස යොදා ගැනීමට මෙරට දේශපාලඥයන් මේ දක්වා අසමත්ව ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නකි.

ඊටත් අමතර තවත් ක්ෂේත්‍ර ගනනාවකට සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයන් අනුගමය කර තිබේ.

වර්තමනායෙහි එසේ ලබා දෙන සහනාධාර වර්ග ප්‍රමාණය 50 කට අධිකය.

මේ වෙනුවෙන් රුපියල් බිලියන සිය ගනනක් සෑම වසරකම රජය වියදම් කරයි.

එහෙත් ගැටලුව තිබෙන්නේ මෙසේ රටේ ආර්ථිකය සාමාජීය තත්වය ඉහළ දැමීම වෙනුවෙන් කරන මේ වියදමෙන් අපේක්ෂිත අරමුණු ඉ‍ටුවුනාද යන්නය.

රටේ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් මේ තාක්කල් වැය කළ බිලියන දහස්ගනනක මුදල් කන්දරාවේ හැටියට තවමත් මේ රටේ දුප්පත්කම පැටවු ගසමින් තියෙන්න ඇයිද යන්න ගැන සාකච්ඡාව මීට වසර ගනනාවක සිට පැවැතිනි.

පිනට කකා සිටින මිනිසුන් වෙනුවට හම්බුකරන් කන මිනිසුන් බිහි කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවට බොහෝ විද්වතුන් පෙන්වා දී තිබිණී.

Untitled design 2

එහෙත් මේවා ක්‍රියාත්මක කිරීම කෙතරම් රටට වාසිදායක ප්‍රතිපතීන්වුවත් ජනප්‍රිය දේශපාලනයේ තීන්දු තීරණ අනුව ඊට ඉඩක් ලැබුණේ නැත.

නොමිලයේ හෝ සහනාධාර ලෙස යමක් ලබා දී ඒ වෙනුවට ඡන්දය ලබාගැනීම, කියන තර්කය අනුව සියල්ල තීරණය විය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදීද හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ද මේ සහනාධාර මත යැපෙන ක්‍රමවේදය අවසන් කළයුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක සිටි නමුත් එම ආණ්ඩුවද තව තවත් සහනාධාරම දෙන ක්‍රමවේදයන් වෙත මාරු වූයේ ඉන් රටට ලබාගත හැකි ප්‍රතිලාබ ගැන නොතකමිනි.

උදාහරණයක් ලෙස සමෘද්ධිලාබීන් ප්‍රමාණය ලක්ෂ අටහාමාරකින් වැඩි කිරීමට සැලසුම් කරනු ලැබීය. ඒ වන විටත් සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් සිටියේය.

ඒ අනුව මේ වන විට මේ රටේ සමෘද්ධිලාබීන් සහ පොරොත්තු ලේඛනවල සිටින පිරිසත් සමඟ ලක්ෂ 23 කට ආසන්න ප්‍රමාණයක් සිටී. 2015 නිල දරිද්‍රතා රේඛාවේ අගය, එනම් ඒක පුද්ගල මාසික පරිභෝජන වියදම වන රුපියල් 3956 හෝ නොඋපයන දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව වූයෙත් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයකි.

රටේ ජනගහනයට අනුව සෑම පුද්ගලයන් 10 කටම අයෙක් සමෘද්ධිලාභියෙක්

ඒ අනුව රටේ ජනගහනය අනුව බැලුවහොත් සෑම පුද්ගලයන් 10 කටම සමෘද්ධියෙක් සිටී.

වෙනත් සහනාධාර ලබා ගන්නන් ප්‍රමාණයද එකතුකර ගත් විට රටෙන් තුනෙන් එකක් පමණ සහනධාර මත යැපෙන්නෝ වෙති.

මෙයින් අදහස් කරන්නෙ රජයේ ආදායම් මත ලාබ උපරිමය ලෙස ලබාගත යුතුය කියන කාරනාව නොව සියලු දෙනාගේම සමාජ සුබසාදනය වෙනුවෙන් රජය ගතයුතු උපරීම පියවරයන්ද ගතයුතු බව ද අවධාරණය කරමිනි.

යමක් ඇත්තටම කරකියා ගන්න බැරි මිනිසුන්ට සමාජ ආරක්ෂණය පදනම් කරගෙන සහනයක් ලබාදීම විය යුතුය. එහෙත් යමක් කමක් කිරීමේ හැකියාවන් සහිත පිරිසට සහනාධාරයක් දිය යුත්තේ ඒ හරහා නැවත රටේ ආර්ථිකයට ප්‍රතිලාබ අත් වෙන ලෙසය. දැන් නොවෙන්නේ ඒකය.

වත්මන් රජයට මේ සහනාධාර යැපුම් මානසිකත්වය අවසන් කර, රටේ බහුතරයක් ව්‍යවසායකයන් බවට පත්කිරීම ප්‍රතිපත්තියක් කරගෙන කටයුතු කළ හැකිනම් එයම පමණක් රටේ විශාල ආර්ථික සංවර්ධනයකට මග පාදනු ඇත.

තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස නාමල් රාජපක්ෂ ඒ වෙනුවෙන් පෙනී සිටීම රටේ අනාගතය ගැන සුබවාදීව කල්පනා කිරීමට ඉඩක් සලසයිග කොහොම නමුත් මෙවර ඉදිරිපත් කළ අය වැය යෝජනා ගනනාවක්ද මේ වෙනුවෙන් ඉලක්කකර ඇති බව දැකිය හැකිය.

- රොමානෝ කොස්තා

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top