ඔහු ඉන් ඉහතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදී පොහොට්ටු පක්ෂය නිර්මාණය කිරීමේ සිට සියළු සැලැසුම් ජය ගැනීමට සමත්වූ බව දේශපාලන විචාරක මතය වේ.
බැසිල් විසින් ලබන මාර්තු මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා පොහොට්ටු පක්ෂය ඉහලින් දිනවා ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සැසියට මෙරට නියෝජිතයන් යොමුකිරීමේ අපේක්ෂාවෙන් සිටි බවද මේ අතර වාර්තා වේ.
ගම සමඟ පිළිසඳර වැඩ සමඟ යළි ගමට යනුවෙන් මැති ඇමතිවරුන්ද රාජ්‍ය නිලධාරීන් ද කැඳවාගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා රටවටා යාමට සූදානම්වූයේද පළාත් පාලන මැතිවරණය ඉහලින් ජය ගැනීමේ අපේක්ෂා ඇතිව බව පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
කෙසේවුවද, බැසිල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂා ආරක්ෂාකර කිරීමට පක්ෂය තුළ වැඩි වෙහෙසක් ගනු ලැබුවේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා එස්.එම්. චන්ද්‍රසේකර හා නිමල් ලංසා යන ඇමතිවරුන් පමණක් බවද පැවසේ.
පවිත්‍රා ඇමතිනියගේ ස්වාමියා සබරගමු පළාත් මහ ඇමති අපේක්ෂකත්වය සඳහා සූදානම්වීම හා රෝහිත, එස්.එම්. හා ලංසා ඇමතිවරුන්ගේ සහෝදරයෝ ද එවැනිම අරමුණවල සිටීම පළාත් පාලන මැතිවරණයට වැඩි උනන්දුවක් දැක්වීමට හේතුව බව මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, පාළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට එම විශය සම්බන්ධයෙන් විශාල ලෙස උනන්දුවන ඩිලාන් පෙරේරා මෙන්ම ශ්‍රීලනිප සහයද අහිමිවීම ගැන මේවන විට දේශපාලන කේෂත්රයේ කතාබහට ලක්ව තිබේ.
ඉන්දියාවෙන් කොළ එළියක් නොපැමිණීම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වූ දේශපාලන පිරිස්වල පසුබෑමට හේතුවී ඇති බවද මේ අතර වාර්තා වේ.