Feb 16, 2021

"ගල් කොරි මාධ්‍යවේදියෝ; ලොකු ගල් කඩන්න මිස ගල් කපන්න දන්නෙ නෑ”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු හා දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මාධ්‍ය කේෂත්‍රය තුළ දැඩි කතා බහට ලක්ව තිබේ.

එම සටහන තුළ මාධ්‍යවේදීන්ගෙන් බහුතරයක් ගල් කොරිවල වැඩකරන වුන් වැනි යැයි ඔහු කියා සිටී.

පත්වීමක් හෝ හරිහැටි නැති එවැන්නන් ගල් කොරි මුදලාලිට ගල් කැඩීමට අවසර ඇත්දැයි හෝ නොදැන වඩකරන වුන් මෙන් මාධ්‍ය ආයතනවලට සේවය කරන බවද ඔහු සඳහන් කරයි.

සම්පූර්ණ සටහන මෙසේය.
"බහුතර මාධ්‍යවේදීන් හරියට ගල් කොරියක රැකියාව කරනවුන් වගේ. පත්වීමක්වත් හරියට නැහැ. ගල් කොරිය කරවන මුදලාලිට ඒකට අවසර තියෙනවද කියලා ඒකෙ වැඩකරනවුන් දන්නෙත් නැහැ. ඒ උනාට මුදලාලිට ඕන ලොකු සයිස් ගල් කඩන්න තමයි ට්‍රයි එක. නමුත් ජීවිත කාලයම රැකියාව කළත් ගල් කඩන්න මිස ගල් කපන්න දන්නෙ නැහැ. වෙනස දන්නෙත් නැහැ. ඒ නිර්මානාත්මක කාර්ය කරන්නෙ ස්වාධීන ගල් වඩුවන්. ඔවුන් දැන් වඳවේගන යන වෘත්තියක්. ඉඳහිට හමුවන වෘත්තීය මාධ්‍යවේදියකු වගේ."

Kusal Screenshot 2021 02 16 at 10.27.58

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top