Jul 20, 2021

දේශීය ව්‍යාපාර නසන "Trading මාෆියාව"

වත්මන් රජයේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්තියට අනුකුලව දේශීය නිෂ්පදන ආර්ථිකයක් තුලින් රටේ දියුනුව කරා ලගාවීමට අදාල නිලධාරීන්ට අවශ්‍යතාවක් ඇත්ද එහෙත් නැතහොත් අදාල නිලධාරීන් ව්‍යාපාරික ප්‍රජාවගේ බලපෑම් වලට නතුවී ඇත්ද යන කාරනය ගැන බලවත් සැකයක් පවතී.

අදාල නිලධාරීන් ව්‍යාපාරික ප්‍රජාවේ ග්‍රහණයට අසුවී ඇතිබව පැහැදිලිව පෙනේ. 

කව්ද මේ ව්‍යාපාරික ප්‍රජාව?  

ඉහත සදහන් "Trading මාෆියාව" සම්බන්ද ව්‍යාපාරික ප්‍රජාව යනු පිටකොටුවේ සිට උදයට container වලින් බඩු මිලදීගෙන ඒවා විකුණා හවසට එම මුදල් ටික රැගෙන ගෙදර යන රටේ නිෂ්පාදන ආර්ථිකයට කිසිදු සහයෝගයක් නොදක්වන එදා වේල රැකගන්නා වෙලදුන්ය.

ඉහත සදහන් ව්‍යාපාරික ප්‍රජාව යයි පවසන පාර්ශවයන්ට අමතරව ABANS, SINGER, SOFTLOGIC  වැනි භාණ්ඩ බෙදාහැරීමේ ආයතන "Trading මාෆියාවට" සම්බන්ද ඉහල පෙලේ ආයතන වේ. 

ABANS, SOFTLOGIC වැනි ආයතන වසර 20 කට පෙර සිටි තැනත් අද සිටිනා තැනත් බැලු කල්හි මෙය මානව පැහැදිලි වේ.

SINGER වැනි ආයතන රත්මලාන කර්මාන්ත ශාලාවහි එකල මහන machine එකලස් කළද, දැන් මහන machine ආනයනය කරන තැනට පත්ව ඇත.

මේ වනවිට SINGER  ආයතනයද තම භාණ්ඩ ආනයනය සදහාම පමණක් වෙන්ව ඇත. 

දේශීය නිෂ්පාදනය මගින් රටේ රැකියා අවස්ථා වැඩි කිරීමේ හැකියාවක් තිබියදී, චීනය, සිංගප්පූරුව, මලයාසියාව, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, ඉන්දියාව වැනි රටවලින් භාණ්ඩ ආනයනය කර අතිවිශාල මුදල් සම්භාරයක් මෙරටින් ගලායාමට සලස්වයි.

එනම්  මෙම " Trading මාෆියාව" පතුරවන SOFTLOGIC, SINGER, ABANS වැනි ආයතන රටේ දේශීය නිෂ්පාදන නැංවීමට කිසිදු දායකත්වයක් ලබනොදේ.

අවාසනාවට Damro වැනි දේශීය electronic නිෂ්පාදන නිපැයුම් කරුවන් විසින් මෙරටට කරන්නා වූ දායකත්වය අදාල පාර්ශව විසින් අගය කොට දිරිමත් කරන්නේද යන්න සැකයක් පවතී. 

තානාපතිවරුන්ගේ, NGO කල්ලි සහ දේශපාලකයන්ගේ මැදිහත්වීම් තුලින් මෙවැනි මෙරට දේශීය නිෂ්පාදකවරුන් හට ලැබිය යුතු සහන සුක්ෂම ලෙස වලකාලනු ලබයි.

දකුණු අප්‍රිකාව වැනි රටවල් දැන් electronic භාණ්ඩ නිපැයුම් assemble line මහා පරිමාණ කර්මාන්ත ශාලා සදහා දිරිගන්වමින් කටයුතු කරමින් සිටි.

කොරියාව, ඉන්දියාව විසින් තම රටේ භාවිතාව සදහා ආරම්භ කරන ලද වාහන නිපැයුම් (assemble line) ( KIA ,HIundai, TATA ) අද වනවිට අතිශය සාර්ථක වී රැකිරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරමින් අපනයන වෙළද පොලේ ලොව ඉදිරියටම පැමිණ සිටී. 

මෙම රටවල් තම දේශීය නිපයුම් කරුවන් දිරිගන්වමින් ඔවුන් හට 15% සිට 20% අපනයන සහන ලබාදෙමින් දිරිගන්වනු ලබයි. නිදසුනක් ලෙස ඉන්දියාව සියලුම මුද්‍රණ අපනයන කරුවන් සදහා 20% අදායම් බදු සහන ලබාදී තිබේ. තවද නිමි නිෂ්පාදන සදහා වැඩි බදු මුදල් අයකරමින් එම භාණ්ඩ දේශීය වශයෙන් එකලස් කර නිපදවන්නන් හට අඩු බදු මුදල් අයකරමින් රට තුල නිෂ්පාදන ආර්ථිකයක් සදහා දිරිගන්වනු ලබයි.

1970 දශකයේ ශ්‍රී ලංකාව තුල ආරම්භ වුනු දේශීය කර්මාන්ත රැල්ල මෙවැනිම  " Trading මාෆියාවක් " විසින් විනාශ මුඛය කර අදදමන ලදී. UNIC radio ව ,UPALI FIAT වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වැනි සියලුම දේශීය නිෂ්පාදන  " Trading මාෆියාවට "  නතු වූ දේශීය ආයතන වේ.

දැනට මෙරටට වසරකට රුපවාහිනී යන්ත්‍ර 300,000, ජංගම දුරකථන මිලියනයක් සහ electronic උපාංග මිලියන ගණනින් ආනයනය කරයි. 

මේවා LG, SAMSUNG, SONY, HITACHI, DELL, PANASONIC වැනි බහුජාතික සමාගම් කිහිපයකට පමණක් සීමා කොට අප දිවයින ඔහුන්ගේ නිෂ්පාදන සදහා පමණක් තෝතැන්නක් කිරීමට ඉහතින් සදහන් "Trading මාෆියාකරුවන්" සහ ඔවුන්ගෙන් වරදාන ලබා ගන්නා නිලධාරීන් කටයුතු කරගෙන යනු ලබයි.

මේවා තුල ඇති ප්‍රමිතිය සහතික කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය බැදී සිටියද  ඔවූන් විසින් මෙම ආයතන හා එක්ව මෙම භාණ්ඩ වලට අදාල දෝෂ සම්බන්ධ පැමිණිලි යට ගසනු ලබන බවට මේවන විට ඇති චෝදනා එමටය.

මෙය " Trading මාෆියාව" ට යටවී කරන්නා වූ කටයුත්තකි. 

මෙම රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට වසරකට පෙර කහ සහ කොත්තමල්ලි අනයනයනය තහනම් කර දේශීය වගාකරුවන් දිරි ගැන්වීම සිදු කළේය.

මේ තහනම නිසා ඉන්දියානු රජය දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. වත්මන් රජය සහ ජනපතිවරයා ඒ කිසිදු බලපෑමකට යටත් නොවී තම මතය නොවෙනස්ව අදටත් ඉදිරියට ගෙනයමින් තිබේ.

අදාල රටට හිතැති තීරණය නිසා රටේ කහ සහ කොත්තමල්ලි අවශතාවය 100% දේශීයව සපයාගෙන අද වන විට අපනයනය සදහා අතිරික්තයක්ද පවතින බව එම අංශ කියා සිටී.

මෙම ආයතන වෙළද දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු මගින් දේශීය නිපැයුම් කරුවන්ගේ භාණ්ඩවල ගුණාත්මකභාවය අවතක්සේරු තත්වයට පත්කර ඔවුන් විසින් ආනයනය කරන භාණ්ඩ ඉස්තරම් බව හැගවීම තුලින් NGO සහ වෙනත් සංවිධාන හරහා දේශීය නිපැයුම් කරුවන් අධෛර්‍යට පත්කර දේශීය ආර්ථිකය මරුකටට රැගෙන යයි. 

ඉහතින් සදහන් කල පරිදි "Trading මාෆියා" කරුවන්  විසින් මෙරටට අහිමි කරන්නේ දේශීය නිෂ්පාදනය ආර්ථිකය සපලවීම මගින් මෙරටට හිමිවියයුතු දසදහස් ගණනක රැකියා උත්පාදන අවස්ථාක් බව මුදලට ගිජුවී දේශීය ව්‍යවසායකයන් නසන Trading මාෆියාකරුවන් තේරුම් ගන්නේ කවදාද?

- සරත් ඩයස්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top