නොඑසේ නම් මේ අධිශ්ඨාන සහගත තරුණ විරෝධයට මුල පිරූ තරුණ කැප කිරීම අපතේ යැවීමකි.
දැන් ජනාධිපතිටද පිළිගැනුමක් නැත. මෙතැන් සිට ඔහු කළ යුත්තේ කුමක්දැයි තීන්දු කළ යුත්තේ ජනතාවය.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් වෘත්තිකයින්ගේ සංවිධානයත් (OPA) වාණිජ මණ්ඩලත් ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) වෘත්තීය සමිතිත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයත් (FUTA) ගාලු මුවදොර #gotagogama තරුණ සහභාගිත්වයද නියෙයෝජනය වන තාවකාලික සභාවකින් ඔහුගේ කටයුතු තීන්දු කළ යුතුය.
එවැන්නක ව්‍යවස්ථානුකූල බව තර්ක කිරීමට වඩා වැදගත් වන්නේ ඔවුනට සමාජ පිළිගැනුමක් ගෞරවයක් ඇතිවන අයුරු එය ස්ථාපිත කිරීමය. ඔවුන් ව්‍යවස්ථාමය පදනමක් ඇතිව ප්රජාතන්ත්රවාදී ලෙස තීන්දු ගැනීමය.
එයට මුල පිරිය යුත්තේ පසුගිය දෙවසරෙහි ප්‍රතිපත්ති ගරුකව සිය ස්වාධීනත්වය තහවුරු කරගත් නීතිඥ සංගමය යැයි මම යෝජනා කරමි.
කුසල් පෙරේරා
2022 නොවැම්බර 10