Pasidol
Sathosa Ad Final Sinhala
Jan 10, 2018

බලු රාළෙක් කතා කරයි

මේක නිකම්ම කතාවක් නෙමෙයි. මේක හරිම අවනඩුවක් කිව්වොත් තමයි හරි. අපි කට්ටිය හැමෝම ඉන්නේ අත්තිඩිය පන්සල පාරෙන් ගිහින් කහවිට පාරේ. කහවිට පෙදෙස කියන හරියේ. වමට හැරෙන දෙවැනි අතුරුපාරේ පැන්ට්‍රි කඩබ් වැඩපළ ළඟයි.

ඒ ඉස්සරහම තියෙන ගරාජ් එක අයිති හඩ්සන් මහත්තයා තමයි අපිට කන්න බොන්න දීලා අපිව බලාගන්නේ ඩොට් කොම්, කළු බ්‍රවුනි. චීටි. ජුන්ඩා, චණ්ඩි වගේ නම් තියෙන අපි ඔක්කොම පිරිමි සත්තු හතරයි. ගැනු සත්තු හයයි. කාලයක් තිස්සේ අපි මේ විදියට මේ පාරේ හිටියට අපි හැමෝම වගේ කලින් හිටියේ මේ පාරෙම ගෙවල්වල තමයි.
දැන් මේ බ්‍රවුනි හිටියේ මේ ළඟම ගෙදරක. ඒ අය හිටියේ කුලියට. ඒ අය ගෙවල් ඇරල යනකොට බ්‍රවුනි විතරක් තියල අනිත් හැම දෙයක්ම අරගෙන ගියා.හුඟක් දවස් ඒ අය ආපහු එයි කියලා මඟ බලාගෙන හිටපු බ්‍රවුනි අන්තිමට අපේ කාණ්ඩෙට එකතු වුණා.

ඒ විදියට අමානුෂික විදියට අතරමං කරලා දාපු සාමාජිකයෝ කීප දෙනෙක්ම අපේ කල්ලියේ ඉන්නවා.තවත් සමහරු පුංචි කා‍ලේ මේ ගෙවල් ඇතුළේ සැපට හැදුණු අයයි. ටිකක් ලොකුවෙලා ඒ හුරුබුහුටිකම නැතිවෙලා යනකොට කෙලින්ම ගේට්ටුවෙන් එළියට. මේ ප්‍රශ්නෙට මුල් වුණෙත් ඒ වගේ ආපු කෙනෙක් තමයි. ශීබා හිටියේ මේ එහා පැත්තේ ගෙදර. එයා පුංචි කා‍ලේ බොහෝම ආදරෙන් හිටිය අය ටිකක් ලොකු වෙනකොට එයාව එළියට දැම්මේ කිසිම හිතක් පපුවක් නැති ගාණටයි. මේ ළඟදි දවසක ශීබා එයාගේ කලින් මහගෙදර ළමයෙක්ව හපලා. සමහරවිට එයාගේ හිතේ එයාට වුණු අසාධාරණය ගැන මතකයක් තියෙන්නත් ඇති.

අනේ ඉතින් ඒ අය ‍පොලීසි ගිහින්. අපිට කන්න දෙන අපේ හඩ්සන් මහත්තයාගෙන් වන්දි විදියට රු. 10.000/- අරගෙන. දැන් තවත් සල්ලි ගන්න හදනවලු. අපිට කන්න දෙනව මදිවට මේ කරුණාවන්ත මනුස්සයට තවත් කරදර. දැන් මේ වටපිටාවේ කීප දෙනෙක්ම එකතුවෙලා අපිව මරණව කියල තර්ජනය කරනවා. දැන් අපි වගේම අපේ හඩ්සන් මහත්තයත් ඉන්නේ හරිම බයෙන්. ඒ වගේම දුකෙන්. අපිට හුඟාක් ආදරේ කරන අපේ පණ රැකගන්න උදව් කරන මේ ගරාජ් එකේ රුවන් වගේම අනිත් මහත්තුරුත් ඉන්නේ දුකෙන්. ඇයි ඉස්සරහ පැන්ට්‍රි කබඩ් වැඩ‍පොළේ දමයන්ති නෝනයි ඒ මහත්තයයි අපිව ආරක්ෂා කරගන්න ලොකු සටහනක් කරනවා. දැන් මරණ බය අපි කාටත් දැනෙනවා.

කෙනෙකුගේ මරණ බය නැති කරන එක අති විශාල කුසල කර්මයක් කියලා ළඟදී රේඩියෝ එකේ බණකට කියනවා අපිත් අහගෙන. අනේ අපිට ලොකු සැප සම්පත් ඕනේ නැහැ. කරුණාවන්ත කෙනෙකුගේ ගෙදර, ඉදුල් ටික්ක කාලා, අගුවක හරි හිතේ සැනසීමෙන් ඉන්න තිබුණොත් ඇති. අපි හැමෝටම එකට ඉන්න ඕනෙත් නැහැ. අනේ ඔයාලට පින් සිද්ධවෙයි අපේ ජීවිත බේර ගන්න උදව්වෙන්න. අපි හැමෝටම අවශ්‍ය කරන එන්නත් දීලයි තියෙන්නේ. ඒ ගැන කතා කරගන්න අපේ හඩ්සන් මහත්තයාගේ 077-3056246 නොම්මරේට කතා කරන්න.

සටහන නිර්මලා කුමාරි සේනාරත්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top