Pasidol
Sathosa Ad Final Sinhala
Feb 19, 2018

කූඹියෝ අවසානය හෙළිවෙයි - ජෙහාන් බුද්ධි අංශ නිලධාරියෙක්

කූඹියෝ පිටපත?

ජෙහාන් යනු විශේෂ මෙහෙයුමක යෙදෙන බුද්ධි අංශ නිලධාරියෙකි. මෙහෙයුම කුමක්දැයි තව ම හරියට ම දන්නේ නැත. ASP අබේසේකරව ජෙහාන් හොඳින් දනී. නමුත් ASP ජෙහාන්ගේ බුද්ධි අංශ පසුබිම නොදනී. ජෙහාන්ට මහ මග පහර එල්ලවුණු පසු ඔහුගේ ආරක්ෂාව පිණිස ජෙහාන්ට ඉහළින් සිටින බලධාරියා විසින් ASPට යම් ඔත්තු ලබාදී ඔවුන්ව ජෙහාන් දෙසට හරවයි. ජෙහාන් තම ඉහළ බලධාරීන් සමඟ ඍජු සන්නිවේදනයක් කිසිවිට සිදු නොකරයි. ජෙහාන් ජීවත්වන බිල්ඩිම මෙම විශේෂ මෙහෙයුම භාරයේ ඇත. එහි බිල් ගෙවන්නේ ද ඔවුන් ය. ජෙහාන් ඔස්ටින්ට කිට්ටුවන්නේ පාතාලයට ඍජු දොරක් ඇර ගැනීමට ය. මීෂාගේ cybercrime case එක ජෙහාන් ගොඩ දාන්නේ ජෙහාන් සතු නිල බලය යොදාගෙන ය. එසේ කරන්නේ මීෂා තමාට ඉතා වටිනා සම්පතක් කරගත හැකි නිසා ය. මීෂා ගේ software එක යොදා ගන්නේ පුද්ගල තොරතුරු ගොනු කර ගැනීමට ය. ටිරාන්ගේ සහ කබරයාගේ දුර්වලකම් සොයාගන්නේ එසේ ය.

බැරල් සුනිල් පොලීසියේ රැකවරණ ලබන හෝ, පොලීසියෙන් අනුග්‍රහය ලබන මැරයෙක් හෝ තවත් බුද්ධි මෙහෙයුමකි. ඔස්ටින් මැරෙන්නේ නැත. බැරල් විසින් ඔස්ටින්ව අත් අඩංගුවට ගනී (ටිරාන් ද ජීවතුන් අතර ය). මේ වනවිට ජෙහාන් අම්පාරේ ය. ටිරාන්ට ජෙහාන්ව සොයාගත හැකිවීම නිසා තම ආරක්ෂාව පිණිස ජෙහාන් ASPට email එකක් යවා අත්අඩංගුවට පත්වේ. තම ආරක්ෂාව පිණිස ම අවුරුදු 3කට හිරේ යයි. ඇත්තටම හිරේ හිටියාදැයි නොදනී.

ප්‍රියන්ත යනු ජෙහාන්ට අහම්බෙන් හමුවන චරිතයකි. ජෙහාන් ගොලු ප්‍රියන්තව නෝනලා දෙපළ හමුවීමට ගෙනයන්නේ බුද්ධි අංශයට හඳුන්වාදීම පිණිස ය. ජෙහාන් තමන්ව තම පිරිසට හඳුනාගැනීමට අවශ්‍ය විට සුදු කමිසය ඇඳ ගනී. ප්‍රියන්තගේ ගමට ද ගොස් ජෙහාන් ප්‍රියන්තගේ අහිංසක බව තහවුරු කර ගනී.

koombiyo1හිරුණි යනු ජෙහාන්ගේ ප්‍රධාන මෙහෙයුමට අදාළ ප්‍රධාන ඔත්තුවයි. ඇය ප්‍රධාන අපරාධකාරිය හෝ ප්‍රධාන අපරාධකරුගේ ළඟම සාමාජිකයෙකි. බස් එකේදී ජෙහාන් තම combat kit එකෙන් පැමිණ හිරුණි සමග කතාවට වැටෙයි. Birthday surprise එක තම ගොංකම ප්‍රදර්ශනය කිරීමට හිතාමතා සවුත්තු කරගත් උත්සාහයකි. Software එකට හිරුණිව සම්බන්ධ කරගන්නේ එය ඇයගේ කාණ්ඩය තුළට රිංගවා තොරතුරු එකතු කරගැනීමට ය.

පක්ෂයෙන් හෝ පක්ෂයෙන් යැයි කියමින් ජෙහාන්ට පහර දීම හිරුණිගේ පිරිස විසින් කරවන ලද්දකි. ඒ ජෙහාන්ගේ ඇත්ත සම්බන්ධකම් එළියට ගැනීමට ය. පක්ෂය සමග හිරුණිගේ පිරිසට ඇති සම්බන්ධය ජෙහාන් කළින්ම දැන සිටියේය. ජෙහාන්ට පහර දීමෙන් ජෙහාන්ට පොලීසියේ සම්බන්ධයක් නැතිබව තහවුරු වූ නිසා පක්ෂයේ දේශපාලන project එක ජෙහාන්ට භාරදෙයි. අපරාධ කරුවෙකු ලෙස ජෙහාන් ගොඩනගාගෙන තිබූ අනන්‍යතාව පවත්වා ගැනීමට ජෙහාන් project එක බාර ගනී. උද්ඝෝෂකයින් දහස් ගණනක් අතර පක්ෂයේ ඍජු සාමාජික ජයනායක ම වෙඩි පහරින් මරණයට පත්වන්නේ පක්ෂය හිරුණිගේ පිරිසට දුන් කොන්ත්‍රත්තුවකට අනුව ය. තම මෙහෙයුම් වලදී කෙතරම් මනුෂ්‍ය ඝාතන දැක තිබුණ ද, කිසිවෙකුට හානි නොවිය යුතුවූ තම දේශපාලන මෙහෙයුමෙන් මිනිසෙකු මිය යාම ජෙහාන්ට අවංකවම දරාගැනීමට අපහසුය.

උද්ඝෝෂණයෙන් පසු ප්‍රියන්තගේ ක්‍රියාදාමයට කිසිසේත් ජෙහාන්ගේ සම්බන්ධයක් නැත. ප්‍රියන්ත කෙටි කලකින් එළියට එන බව දැන දැනත්, ඔහුව මුදා ගැනීමට සිය උපරිම උත්සාහය යොදන බව හිරුණි, ලේකමා, පක්ෂය ඇතුළු සියලු දෙනාට ඒත්තු යන අයුරින් ජෙහාන් හැසිරෙන්නේ ද තම genuine බව සනාථ කිරීමට ය.

ජූඩ් සඳහන් කරන සුනිල් අයියා ද බැරල් සුනිල් ම වේ. Journalist project එකේදී අලි මුඩුක්කුවේ ඇන්තනී ගැන කස්තුරිට ඒත්තුගන්වන්නේ කස්තුරි මේ ගැන තවදුරටත් සොයන්න සැලැස්වීමටය. කස්තුරි පක්ෂයට සම්බන්ධ බවත්, පක්ෂය හිරුණිට සම්බන්ධ බවත් ජෙහාන් දැන සිටියේය.

කතාව අරම්භයට පෙර ජෙහාන් විසින් සැලසුම් කර තිබුණේ හිරුණිව මුණ ගැසීම සහ software එක පමණි. ප්‍රියන්ත මුණ ගැසීම, කස්තුරිගේ project එක, පක්ෂයේ project එක, ජයනායකගේ මරණය ආදි සියල්ල අහම්බයෙන් කළින් සැලසුම් නොකොට සිදුවූ ඒවා ය. එම සියළු අහඹු සිදුවීම්වලට ජෙහාන්ගේ ප්‍රතික්‍රියාව ඔහුගේ හසල බුද්ධිය හා දක්ෂකම පිළිබිඹු කරයි. ඒ සෑම විටම (හිරේ සිටියායැයි කියන කාලය තුළ හැර) ඔහු සිය ඉහළ නිලධාරීන්ගෙන් ස්වායත්තව කටයුතු කරයි.

නිර්මාණය – Akbo Rupasinghe

මේ දිනවල අතිශය ජනප්‍රියත්වය පත් වුනු කූඹියෝ ටෙලි නාට්‍යයේ අවසානය පිළිබද බොහෝ මතිමතාන්තර පලවෙන අතර මේ සමාජ ජාලා හි පළවූ තවත් එක් නිර්මාණයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top