Jan 15, 2019

2019 සංවර්ධන ගැම්මට වඩා වියදම් පිම්මක් ? Featured

මේ වසරේ වියදමට සාපේක්ෂව සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඉතා අඩු බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

වසර 2019 සඳහා රජයේ මුළු වියදම රුපියල් කෝටි හාරලක්ෂ පනස්දහසක් ( 4,550,000) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන මුළු ප්‍රාග්ධන වියදම රුපියල් කෝටි අසූ හත්දහස් හයසීයක් (87,600) තරම් ඉතා අඩු මුදලකි.

මේ අනුව රජයේ මුළු වියදම් වලින් සියයට 19.25ක් නම් පහෙන් එකකටත් අඩු ප්‍රමාණයක් රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවේ.

මුළු වියදමෙන් සියයට හතළිස් හතක් හෙවත් රුපියල් කෝටි විසිදහසක් (220,000) යෙදවෙන්නේ මෙම වසරේ ණය වාරික සහ පොලිය ගෙවීම සඳහාය.

විදේශ විනිමය අනුපාත තීරණය වීමේදී රුපියල කඩා වැටීම නිසා විශේෂයෙන් විදේශ ණය ගෙවීමේදී මුළු වියදම තවත් ඉහළ යාමේ බරපතල අනතුරක් ද පවතී.

රජයේ වියදම් වශයෙන් මෙම වසරට පුරෝකතනය කර තිබුණේ, රුපියල් කෝටි හාර ලක්ෂ දාහත්දාස් නවසියකට (417,900) ආසන්න ප්‍රමාණයක් ය.

එය රුපියල් කෝටි තිස් හත්දාස් එකසියයකින් ( 37,100) ඉහළ ගොස් තිබේ.

මේ අතර වසරේදී දේශිය සහ විදේශිය වශයෙන් බා ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් කෝටි දෙලක්ෂ දහසය දහසක් (216,000) බවට ගණන් බලා ඇත.

මේ වසරේදීයි රජයේ මුළු වියදම ණය වාරික, පොලී වීම සහ මුළු ණය ගැනීමේ අවශ්‍යතාවය ද යන ප්‍රධාන අංශ තුන පාලනය කරගත නොහැකි මට්ටමේ වේගයෙන් ඉහල යමින් තිබෙන බව මේ අනුව තහවුරු වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top