nsb
Sathosa

Sep 13, 2017

යෝෂිත FCID යට එන්න බැහැ කියලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ඊයේ (12) පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී සිටියේ නැති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) පවසයි.

ගල්කිස්‌ස සහ රත්මලාන ප්‍රදේශවලින් කෝටි ගණනක්‌ වටිනා ඉඩම් මිලදී ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් සිදුකරන පරීක්‍ෂණයට අදාළව ප්‍රකාශ ලබාදීමට ඊයේ (12 දා) පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්‌ෂ මහතා එම කොට්‌ඨාසය වෙත දැනුම් දී ඇත.

පෞද්ගලික අවශ්‍යතාවක්‌ හේතු කරගෙන ඊයේ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බවද යෝෂිත රාජපක්‌ෂ මහතා දැනුම් දී තිබිණ.

මෙම ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ ඊයේ පෙරවරු 10.00 ට පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්‌ෂ මහතාට මීට ඉහත දැනුම් දී තිබිණ.

ගල්කිස්‌ස මිහිඳු මාවතේ පර්චස්‌ 31 ක ඉඩමක්‌ සහ රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස්‌ 31.15 ක ඉඩම් දෙකක්‌ යෝෂිත රාජපක්‌ෂ මහතාගේ මිත්තණිය වූ ඩේසි පොරස්‌ටි මහත්මිය විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී ද යෝෂිත රාජපක්‌ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශ ලබා ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා වෙනත් දිනයක කැඳවීමට කටයුතු කරන බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top