Connect with us

ජීවිතයට යමක්

ප්‍රහෙළිකා පුරවා තෑගි දිනමු – ප්‍රහෙළිකා අංක 4

Published

on

මේ උදාවන්නේ නත්තල් මාසයයි. අපි සැවොම බලා සිටින්නේ නත්තල් සීයා එනතුරුය. නත්තල් සීයා ගැන බොහෝ කතා, ගීත අපට අසන්නට, කියවන්නට ලැබී ඇත. මේ ගීතයෙන් අප මෙතෙක් නත්තල් සීයා ගැන නොඇසු කතා බොහොමයක් අසන්නට ලැබේ. 

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

දෙසැම්බර් 31 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

Continue Reading

ජීවිතයට යමක්

ලෝක වකුගඩු දිනය අදයි

Published

on

By

ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී ඇත.

ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන බ්‍රස්පතින්දා දිනට යෙදී ඇත.

“දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” තේමා කරගනිමින් මෙම වර්ෂයේ ලෝක වකුගඩු දිනය සමරනු ලබයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද 10% පමණ දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, 2023 වර්ෂයේ දත්ත සලකා බලන විට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448 ක්  සහ මරණ 1626 ක් වාර්තා වී ඇති බවත්, ආසන්න වශයෙන් දිනකට මරණ 5 පමණ සිදුවී තිබෙන බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ ප්‍රමාණය 6582 ක් වන අතර 2023 – 2024 වර්ෂවල දී පරිතාන රුධිර කාන්දු කරණ  ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය 1000 ක් වේ. එමෙන් ම වකුගඩු බද්ධකල රෝගීන් ප්‍රමාණය 300 ක් පමණ වේ.

වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බව ද පොලොන්නරුව සහ මාලිගාවත්ත ප්‍රදේශවල විශේෂිත වෘක්කවේද ප්‍රතිකාර රෝහල් දෙකක් ස්ථාපිත කර ඇති බව ද, මේ වන විට රජයේ රෝහල් 81 ක වකුගඩු රෝග සායන පවත්වන බව ද, රජයේ රෝහල් ගණන 75 කි.

වකුගඩු සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුවහොත් රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දුකරණය, වකුගඩු බද්ධ කිරීම,රෝග ලක්ෂණ වලට පමනක් ප්‍රතිකාර කිරීම සිදුකල යුතු බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි..

ලෝක වකුගඩු දිනය ප්‍රථම වරට  2006 වර්ෂයේදී රටවල් 66 ක එකමුතුවෙන් සමරනු ලැබීය.

අදට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇත.

ඒ යටතේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගියදා (11)  පැවැත්විණි.

ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, රජයක් ලෙස අප බලාපොරොත්තුව මෙරට වකුගඩු රෝග අවම කර ගැනීම මෙන්ම බෝ නොවන රෝග හදුනා ගැනීම මෙන්ම පාලනය කිරීමත්, රෝග පවතින ප්‍රදේශවල රෝගය මුලින්ම හදුනාගෙන එය පාලනය කිරීම  වැදගත් වන බව අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම වකුගඩු බද්ධ කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරයන් සදහා විශාල මුදලක් වාර්ෂිකව රජය වැය කරන බව ද, මෙරට වකුගඩු රෝග වලට ගොදුරු වනුයේ වයස අවුරුදු  30 සහ 70 වයස් කාණ්ඩයේ පසුවන ජනතාව වන බවත්, ඔවුන්ගේ හැකියාව, ශ්‍රමය රටට අහිමිවීම මිලකල නොහැකි පාඩුවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Continue Reading

ජීවිතයට යමක්

අද, “ලෝක ග්ලූකෝමා දිනය”  යි

Published

on

By

ලෝක ග්ලූකෝමා දිනය (World Glaucoma Day) අදට (මාර්තු 12) යෙදි තිබේ.

ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක අධික ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ග්ලූකෝමා රෝග තත්ත්වය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද?

ඇස තුළ පිහිටි මෘදල පිහිටි මෘදු පටක තරලය අම්මය රසය යනුවෙන් හැඳින්වේ. මෙම තරලය මගින් ඇසේ නිරෝගීතාවයට අවශ්‍ය පෝෂණය ලබා දෙයි. මෙම තරලයේ පිටවීම අවහිර වුවොත් ඇසේ පීඩනය වැඩි වෙන අතර ඇසේ පීඩනය නිසා දෘෂ්ටි විතානයට හානි වීමෙන් ඇතිවෙන පෙනිමේ දුර්වලතාවය ග්ලූකෝමා රෝග තත්ත්වය යනුවෙන් හැඳින්වේ.

ග්ලූකෝමා රෝගය ඇතිවීමට වයසක් තිබෙනවාද?

නැත. ග්ලූකෝමා (glaucoma) රෝග තත්ත්වය ඕනෑම වයසක පුද්ගලයෙක්ට ඇති වියහැකි තත්ත්වයකි.

නවජන්ම දරුවන් අතර පවා දක්නට ලැබෙන සංජානනීය රෝග තත්ත්වයක් ලෙසත් ග්ලූකෝමා රෝග තත්ත්වය සැළකිය හැකිය.

අවදානම් කණ්ඩායම් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ  පුද්ගලයන්
පවුල් ඉතිහාසය දියවැඩියාව  (Diabetes) අධි රුධිර පීඩනය ( High blood pressure) සහ මිග්ග්‍රෙන් (Migraine)  රෝගීන්ය.

යුරෝපීය ජාතිකයන්ට සාපේක්ෂව බලන විට ආසියාතික කලාපයේ පුද්ගලයන්ට වැඩි අවදානමක් තිබේ. ඇසට තුවාල සිදුවුන පුද්ගලයින් දීර්ඝකාලීනව ස්ටොයිඩ් කාණ්ඩයේ ඖෂධ භාවිතා කරන පුද්ගලයින්ද මීට අයත්ය.

ග්ලූකෝමා රෝග ලක්ෂණ (symptoms of glaucoma)?

ග්ලූකෝමා රෝග ලක්ෂණ වර්ධනය වන්නේ ඉතාමත් සෙමිනි.එබැවින්   බොහෝ පුද්ගලයින්ට ඇසේ පෙනීම පිළිබඳව ගැටළු ඇති වන තෙක් ග්ලූකෝමා රෝග තත්ත්වය යැයි තහවුරු නිගමනයක් ලබා ගැනීම අපහසුය. නමුත් පහත ලක්ෂණ ගැනත් වැඩි අවධානයක් දැක්වීම වැදගත්ය.

ක්‍රමයෙන් සිදුවන පෙනීමේ ගැටලු සහ ඇසේ බොඳ වී පෙනෙන ස්වභාවය, ඇස රතුවීම, ඇස සහ නලල ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව, වමනය, ඔක්කාරය, ඇසෙන් ආලෝක එළි කළු සුදු සහ සෙවනැලි දැකීම.

හදුනා ගැනීම (Glaucoma condition)

රෝගියකු විසින් පවසන ලද රෝග ලක්ෂණ අනුව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින්  ග්ලූකෝමා රෝග තත්ත්වය තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරයි.


ග්ලූකෝමා රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට ..

ග්ලූකෝමා රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් වසරකට වරක් හෝ ඇසෙහි පීඩන තත්ත්වය මැන ගැනීම ඉතාම වැදගත්ය.

රෝග තත්ත්වය නිසා ඇසේ පීඩනය වැඩි වී දුෂ්ටි ස්නායු දුර්වල වුවණොත් නැවත ඒ නිවැරදි කිරීම අපහසුය. ඒ නිසා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු ලවා ඇස් පරික්ෂා කර ගැනීම ඉතාම වැදගත්ය.

( අක්ෂි ශල්‍ය විශේෂඥ ධනංජය රුබසිංහ මහතා විසින් පලකල ලිපියක් ඇසුරෙනි )

Continue Reading

ජීවිතයට යමක්

වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්

Published

on

By

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.

එහිදී සඳහන් කළේ,

“මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved