අභ්‍යන්තර අක්ෂි කාච ටෙන්ඩරයක් ලබා ගැනීමේදී සැපයුම්කරු ඉදිරිපත් කර ඇති පිරිවිතරයන් (specifications) හා සාම්පල නොගැලපීම හේතුවෙන් ඒවා බාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබියදී එහි නිලධාරීන් කිහිපදෙනෙකු ඒවා සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කර ඒවා බාර ගැනීමට උත්සාහ කිරීම මගඩියක් බව කියමින් පරපුරක බලය සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සැරසේ.
එහි ජාතික සංවිධායක මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවයි.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින් අදාළ ටෙන්ඩරය ලබාගෙන ඇති අතර එහි අධ්‍යක්ෂවරුන් ලෙස ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන් මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව පැවසේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා දිගින් දිගටම පළවුවද, සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය හො ටෙන්ඩරය ලබාගත් පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකිරීමද විශේෂිතය.
එම සංවිධානයේ මහ ලේකම් ලෙස චාමර නාකන්දල මහතා කටයුතු කරන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවද ඔවුහු කියා සිටියහ.
සැබැඳි පුවත්:
බෙනරගමලාට අක්ෂිකාච ටෙන්ඩරය දුන්න අයෙක් රිමාන්ඩ්එකේ
ප්‍රමිතියෙන් තොර කාච ගෙන්වූ කොම්පැනියට තවත් කාච හැත්තෑදාහක් ගේන්න ටෙන්ඩර දීලා
ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැණියෙන්!