Connect with us

පුවත්

අගමැතිනිය සහ JICA නව ප්‍රධානී අතර හමුවක්

Published

on

දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් ජුනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අඛණ්ඩව සහාය වීම සඳහා JICA ට ඇති හැකියාව පිළිබඳ ඔහු යළිත් අවධාරණය කළේය. නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය කුරෝනුමා මහතාට සුබ පැතූ අතර, JICA විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව සිය ස්තුතියද පළ කළාය. තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනාම ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳවද අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන අධ්‍යාපනය ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය. දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට සියලුම අංශවල විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ගුරු පුහුණු විෂයමාලා සංශෝධනය කිරීම සහ ප්‍රධාන අවශ්‍යතාවයන් තක්සේරු කිරීම ඇතුළත් වනු ඇත. එසේම වෘත්තීය පුහුණුව, විදේශ රැකියා අවස්ථා සහ ජපානයේ රැකියා අවස්ථා සොයන ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි ද මෙහි අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට JICA ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නියෝජිතයින් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, සහකාර අධ්‍යක්ෂ ගයංගා ඩයස් යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved