Connect with us

පුවත්

අගමැති ලීස් තවත් අමාරුවේ වැටෙයි, ස්වදේශ ඇමැතිනිත් අස්වෙයි

Published

on

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

සුඑල්ලාගේ මේ තීන්දුවත් සමඟ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍රව ඇතැයි ද විදෙස් විචාරකයෝ කියති

කෙසේවුවද, සුඑල්ලාගේ පුරප්පාඩුව සඳහා ග්‍රාන්ට් ශැප්ස් නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර තිබේ.

සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් ඇය වත්මන් බ්‍රිතාන්‍ය රජය පොරොන්දු කඩකර ඇති බවත් මිනිසුන් අතින් අත් වැරද්දක් සිදු වූ විට කළයුතු සුදුසුම දේ ඉල්ලා අස්වීම බවත් ඇය පැවසුවාය.

පසුගිය දා අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් තමන් අතින් අත් වැරද්දක් සිදු වූ බව පිළිගත්තාය.

ඒ අනුව දින 5 ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.

එසේම බ්‍රිතාන්‍යයේ ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල හේතුවෙන් වසර හතළිහකට පසු වාර්තා වූ ඉහලම උද්ධමනය වූ 10.1 සැප්තැම්බර් මස වාර්තා විය.

පුවත්

“විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක්”

Published

on

By

විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී.

ඒ මහතා මේ බව පවසන ලද්දේ ඊයේ (19) දින පැවැත්වුන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කල “විශ්‍රාමික ජාතික සමුළුව ”  අමතමිනි.

ඉදිරි මැතිවරණය ගැනද අනුර දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වූයේය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැසිල් රාජපක්ෂට වුවමනාව තිබෙනවා. එක්කෝ එයා රනිල්ට සහාය දෙන්න ඕනෑ. ජනතාවගේ සහායෙන් රනිල් ජනාධිපති වුණොත්, පොහොට්ටුවේ ගමන එතනින් අවසන්. රනිල්ට සහාය නොදී වෙන අපේක්ෂකයෙක් දැම්මොත්, පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණයත් නැතිවෙනවා. දාන්න කෙනෙකුත් නැහැ. ….

ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්….

 ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි…”

අනුර  දිසානායක මහතා විසින් සිදුකරනු ලැබූ සම්පූර්ණ කතාව

Continue Reading

පුවත්

අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඔවුන්ට රිය ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

ඉදිරි කාලගුණ තත්ත්වය ගැන රතු නිවේදනයක්

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය  බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මේ අතර, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි සහ තද සුළං මෙන්ම රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60 දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved