Connect with us

පුවත්

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් තුනකගේ වැඩ තහනම්

Published

on

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිය නොමැතිව පිටතට ගත් සිරකරුවන් සිවු දෙනෙක් පැනගිය සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පැනගිය 3 දෙනෙකු යලි නිලධාරීන් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පුවත්

සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා

Published

on

By

සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද එය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවේ හදිස්සියේ ජනපතිවරයා මහනුවරට ගොස් තිබුණේ මේ සඳහා බවද පැවසේ.

සිරි දළදා වන්දනාව සිදු කරණ අවස්ථාවේ එය දීර්ඝ කිරීමට තීන්දු කිරීමට නම් මහ නාහිමිවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දියවඩන නිලමේවරයා සිටීම අවශ්‍ය බවද පැවසේ.
අදාළ පාර්ශවල අකැමැත්ත පරිදි සිරි දළදා වන්දනාව නියමිත පරිදි අවසන් කළ බව නෙත් 

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

මැයි පෙළපාළි ගැන විශේෂ නිවේදනයක්

Published

on

By

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවය.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු අවශ්‍ය විටකදී රථවාහන පොලිස් නිලධාරින්ගෙන් සහාය ලබාගත හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Continue Reading

පුවත්

අදත් මි.මී 100ක තද වැසි

Published

on

By

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved