පුවත්

අණ්ඩුකාර යාපා හා මහී අගමැතිගේ මීටිමක් මඟහැරලා

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයවැයෙන් වෙන් කරන ලද අරමුදල් විධිමත්ව යොදා ගැනීම සම්බන්ධයෙන් අගමැතිගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රිවරු සමග පැවැති සාකච්ඡාවක් ආණ්ඩුකාරවරු දෙදෙනකු මග හැර තිබේ.

මෙසේ අගමැතිවරයා මඟහැර ඇත්තේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ය යන මහත්වරුන් බව පැවසේ. 

මෙම සාකච්ඡාවට උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ආරාධනා කර නොතිබූ බවද වාර්තා වේ. 

අනෙක් පළාත් හතේ ආණ්ඩුකාරවරුන්ට ආරාධනා කර තිබූ අතර පැමිණ සිටියේ පස් දෙනකු පමණක් බවද පැවසේ.

ආණ්ඩුකාරවරු නොපැමිණීම ගැන කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක මායාදුන්නේ මහතා පවසා ඇත්තේ ‘‘අපි මේවා කතා කළාට වැඩක් නැහැ. ආණ්ඩුකාරවරු නොපැමිණීම නිසා ප්‍රශ්න මතුවන බවයි.

අගමැතිවරයාගේ රැස්වීමට එන්න බැරි ආණ්ඩුකාරවරු ගැන සොයා බැලිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා එහිදී පවසා තිබේ. 

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version