Connect with us

පුවත්

අදානිගේ සුළං බලාගාර ගිවිසුමෙන් ලංකාවට බිලියන ගණනක පාඩුවක්

Published

on

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය සතුව තිබෙන මෙගාවොට් එකසිය තුනක බලගාරය සැලකීමේදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරිමට වැයවන්නේ රුපියල් 15ක මුදලක් පමණක් බවය.

එහෙත් මෙගාවොට් 484ක බලාගාර දෙකක් මෙරට ඉදි කිරීමට ඉන්දීය සමාගමකට අවස්ථාව ලබා දී තිබෙන බවත්, එම ගිවිසුම්වලදී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

පසුගිය සතියේ මෙගාවොට් 50ක සුළං විදුලිබලාගාරයක් ඉදිරිකිරීම සඳහා ඩෙන්ඩර කැඳවීමක් සිදුකළ බවත්, එහිදී විදුලි ඒකකයක් ඩොලර් ශත 05 -06 අතර මුදලක ලබා දීමට ටෙන්ඩර් ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන්ය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය සමාගම සමග ගිවිසුම්ගත වීමට අනුව අදාළ මුදල් ලංකා රජය විසින් රුපියල්වලින් බැංකුවට ගිණුම්ගත කරන බවත්, සමාගමට එම මුදල් ඩොලර්වලින් බැරවන බවය.

විදුලිබල මණ්ඩලය සතු බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට වැය වන මුදල හා පසුගිය දිනවල සිදුකළ ඩෙන්ඩර් කැඳවීම්වලට අනුව ඉදිරිපත් වූ මිල ගණන් සැසඳීමෙහිදී ඉන්දීය සමාගම සමග ගිවිසුම් ගත වූ මුදලට අනුව වසරකට මෙතරම් මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading

පුවත්

ආර්ථික පරිවර්තන පනතේ සහයට තවත් පනත් දෙකක්

Published

on

By

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී අදාල පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා වන පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාල සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට

Published

on

By

සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශුද්‍ර මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සමෘද්ධි ප්‍රජා මූල බැංකු 1082ක් සහ සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති 335ක් රට පුරා ක්‍රියාත්මක වන බව රජය පවසයි.

සමෘද්ධි පනතේ විධිවිධාන පරිදි එම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති වාර්ෂිකව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරනු ලබන අතර ජාතික විගණන කාර්යාලයේ විගණනයට ලක්විය යුතු බවට වන විධිවිධාන සමෘද්ධි පනතේ ඇතුලත්ව නැතැයි ද රජය කියයි.

මෙම ආයතන රජයේ විගණන කාර්යාලය විසින්ද විගණනය කිරීම මගින් ඒවායේ කාර්යයන් විනිවිද භාවයෙන්  පවත්වා ගැනීමට සහ ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීම වර්ධනය කිරීමට හැකිවනු ඇති බව හඳුනාගෙන ඇත.

ඒ සඳහා විධිවිධාන පනවමින් සමෘද්ධි පනත සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්  කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved