විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ.
මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.
ඉන්දියානු- බංග්ලාදේශ බලශක්ති අර්බුදයට හේතුවී ඇත්තේ අදානි සමාගම සමඟ අත්සන් තබනු ලැබූ මෙගාවොට් 1600ක ගල් අඟුරු විදුලිය සැපයීමේ ගිවිසුමක් බව පැවසේ.
මේ ගිවිසුම විනිවිද භාවයෙන් තොර, අධීක මිලට විදුලිය ලබාගන්නා ගිවිසුමක් බවට චෝදනා එල්ලව ඇති අතර මේ වන විට බංග්ලාදේශය බලශක්තිය වෙනුවෙන් ඩොලර් බිලියන 3.7කට වැඩි ණයකින් පෙළෙන බවද වාර්තා වේ.
එයින් අදානි සමාගමට ණය වී ඇති ඩොලර් මිලියන 800 අතරින් ඩොලර් මිලියන 492ක් වහා ගෙවිය යුතුව තිබේ.
ඉන්දියාවේ අදානි හා බංග්ලාදේශය අතර ගැටුම වසර 2000 දී පමණ ආරම්භව ඇති එකක් වන අතර, මොවුන් අතර මුල්ම බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 2017 නොවැම්බර් මාසයේදීය.
ඒ අදානි පවර් (Adani Power) සහ බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය (BPDB) සමඟ වන අතර එය වසර 25ක ගිවිසුමකි.
මෙම ගිවිසුමෙන් ඉන්දියාවේ ජාර්කාන්ද් හි අදානිගේ ගොඩා බලාගාරයෙන් මෙගාවොට් 1,496 ක විදුලිය බංග්ලාදේශයට සැපයීමට ගිවිසුම් ගතව ඇත.
අදාළ ගිවිසුම බංග්ලාදේශයට විශාල පාඩුවක් කර ඇති බව විදෙස් මාධ්‍ය මතය වේ.
2023 වසරේදී , බංගලාදේශය, ඉන්දියාවේ වෙනත් විදුලි නිෂ්පාදකයින්ගෙන් විදුලි ඒකකයක් ටකා 7.83 බැගින් මිලදී ගනිද්දී අදානි ගේ විදුලිය මිලදී ගෙන තිබෙන්නේ ඒකකයක් ටකා 14.02ක මිලකටය.
මේ නිසා අදානි සමඟ ඇතිකරගත් විදුලි ගිවිසුම දැන් බංග්ලාදේශයේ භාණ්ඩාගාරයට අධීක බරක්වී තිබේ.
එය තවත් උග්‍ර කර ඇත්තේ පවතින තත්වය තුළ බංග්ලාදේශයේ මුදල් ඒකකයද අවප්‍රමාණය වීමත් සමඟයි.
අර්බුධකාරී සහ පාඩු ලබන අදානි – බංග්ලාදේශ බලශක්ති හුවමාරු ගිවිසුම අවලංගු කළ නොහැකිද? යන්න මේවන විට විවාදාත්මක කරුණක් වී තිබේ.
ගිවිසුමේ වගන්ති පිළිබඳ පැහැදිලිතාවක් නැති බව එරට හිටපු බලශක්ති උපදේශකවරන් කිහිප දෙනෙකුම පෙන්වා දී මීට පෙර පෙන්වා දී තිබිණි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ 2010 කඩිනම් විදුලිබල හා බලශක්ති සැපයුම් විශේෂ පනත යටතේ සකස් කර අත්සන් කළ මෙම අවාසිදායක ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට දැන් අවස්ථාවක් උදාවීඇති බවයි.
ගනුදෙනුව නිසි ලෙස සමාලෝචනය කර සංශෝධනය කිරීමෙන්, පිරිවැය අවම වශයෙන් 50% කින් කපා හැරිය හැකි බවට එරට විද්වතුන් පෙන්වා දී ඇත.
සබැඳි පුවත්
අදානිගේ සුළං බලාගාර ගිවිසුමෙන් ලංකාවට බිලියන ගණනක පාඩුවක්
‘අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.’
අදානිලාට අතවනන කටුනායක ගුවන්තොටේ වැඩ
ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් තුනම අදානිට!
කෝකටත් තෛලය අදානි අදානිගේ සුළං බලාගාරයෙන් සංචාරක පක්ෂීන්ට බාධා
අදානිගේ සුළං බලාගාර දෙකට උපයෝගීතා කොමිසමේ අවසරය නැහැ
“විදුලි පනතේ අරමුණ අපේ විදුලිය අදානිට දීම”
අදානිගෙන් මොරගොඩට රෑ කෑමක් !