2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ.
ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බව පැවසේ.
2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිතය.
මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසර සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකෙරෙනු ඇත.
මේ අතර, අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසැල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ රුපියල් 6000 දීමනාව මේ වනවිට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, මිලියන 1.1 ඉක්ම වූ සිසුන් පිරිසක් ඒ අනුව ප්‍රතිලාභ ලැබූ බවය.
ඊට රජයෙන් වෙන්වූ මුදල රුපියල් බිලියන 6.5කි.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පිරිසකට ද ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය දීමනා ලබා දීමට රජය තීරණය කලේය.
මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ සිසුන් තෝරා ගැනීම සහ ඔවුන්ට දීමනා ලබා දීම ඉදිරි දින කිහිපය තුළ අවසන් කළ බවය.
සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.