Connect with us

පුවත්

අද ජාත්‍යන්තර  “තේ” දිනය යි

Published

on

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර ඇත.

ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ගෝලීය වශයෙන් වැඩිපුරම පරිභෝජනය කරන දෙවන පානය වන තේ, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි.

ලොව පුරා Ceylon Tea හෙවත් ලංකාවේ තේ අතිශය ප්‍රචලිත අතර සංචාරකයන් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද මේ වනවිට යෝජනා ඉදිරිපත්ය.

සබැඳි පුවත්

පුවත්

රස පරීක්ෂණයෙන් පසුව උද්දිකග‍ේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම පරිහරණය කළ පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොයා ගත් හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම රාජකාරි පිස්තෝලයෙන් බවය.

මෙය උද්දික ප්‍රේමරත්න සහ සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව සිදු කළ බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනු‍ම් දුන්නේය.

එම සිද්ධියෙන් දින දෙකකට පසු සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි පිස්තෝලය ක්‍රියාත්මක නොවන බව පවසමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාර දීමෙන් අනතුරුව ඔහුට වෙනත් පිස්තෝලයක් නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එම පිස්තෝලයේ ක්‍රියාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මගින් පරීක්ෂා කර බැලූ බවත් පිස්තෝලය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවට තහවුරු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය භාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත් බවද පවසා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බවද පැවැසීය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි විමසූ විට ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.

පිස්තෝලය සිය භාරයට ගැනීමත් සමග සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත් 12 වැනිදා රාත්‍රියේ මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන් තොටුපෙලේදී වෙනත් පුද්ගලයකුට භාරදීමෙන් පසුවය.

එසේ රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූයේ 2023 සැප්තැම්බර් මස 17 වැනි දිනය.

මෙම වෙඩි තැබීමට අදාළව අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 11 කි.

ඒ කිසිදු කැමරාවක අදාළ වෙඩි තැබීම සටහන්ව නොමැති බව විමර්ශනවලදී හෙළිව තිබේ.

හිටපු මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රාහාර එල්ල කර ඇද්ද? යන්න අනාවරණ කර ගැනීම සඳහා එම පිස්තෝල දෙකද රජයේ රස පරීක්ෂකවරයා වෙත මීට පෙර යවා තිබුණි.

(අරුණ)

Continue Reading

ක්‍රීඩා

අපිට සමාවෙන්න – මැතිව්ස් (වීඩියෝ)

Published

on

By

කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කියයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,

“අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා.  අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී.”  

Continue Reading

පුවත්

ලෝක පියවරුන්ගේ දිනය අදයි

Published

on

By

ලොව පුරා සිටින පියවරුන් පවුලට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් තම දරුවන් විසින් සිහිපත් කරනු ලබන පියවරුන්ගේ දිනය අදයි.

සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරේ.

මෙය 1910 වසරේදී පමණ ඇමරිකාවෙන් ආරම්භ විය.

1916 පමණ වනවිට ඇමරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකමින් කටයුතු කර තිබේ.

ලොව ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරන අතර, ඇතැම් රටවල් තමන් විසින් තෝරා ගත් විවිධ දිනයන්හිදී එම දිනය සමරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved