පාස්කු ප්රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද (26) යි.
ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.
කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.
ඊයේ (25) හා පෙරේදා (24) ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විසින් විවාදයේදී අදහස් පළ කරන ලදී.