Connect with us

පුවත්

අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

Published

on

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම් දී තිබේ.

ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමඟය.

බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ.

ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.

පුවත්

දෙවුන්දර ඝාතනයට කතක් ඇතුළු තුනක් අල්ලයි; ඒ මිනී මැරුම අල්ලන්නත් තවත් පොලිස් කණ්ඩායම් 6ක්

Published

on

By

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි.

වෙඩි තැබීමට අදාළ තවත් සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් හයක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.

ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදු වූ ස්ථානය ආශ්‍රිත සීසීටීවී කැමරා දර්ශන පිළිබඳව ද විමර්ශකයින්ගේ වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබෙනවා.

අදාළ තරුණයන් දෙදෙනා දෙවුන්දර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වී යතුරු පැදියකින් යළි පැමිණෙමින් සිටියදි ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් එම තරුණයන් දෙදෙනාට වෙඩි තබා තිබිණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මෛත්‍රී නඩු කිං වෙයි !

Published

on

By

තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට නඩු 400 ක් පමණ දමා ඇති බවත් ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත් තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවත් “දේශය”ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හෙතෙම සඳහන් කර තිබේ.

මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක මහතා වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩි තබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩි තබා මරා දැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් එහිදී බවසා තිබේ.

Continue Reading

පුවත්

යෝෂිතගේ සෙට් එකක් Night ක්ලබ් එකකට පහරදීලා!

Published

on

By

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග මේ පිරිස අද (22) අලුයම එම එම Night Club පරිශ්‍රයට පැමිණ ඇති බවයි.

එහිදී යෝෂිත රාජපක්ෂ සහ බිරිඳ ඇතුළු පිරිස එම නයිට් ක්ලබ් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි ආරක්ෂකයින් පවසා ඇත්තේ, නයිට් ක්ලබ් තුළට ඇතුළුවීමේදී හඳුනා ගැනීමට පළඳින අත්පළඳනා පැළඳගන්නා ලෙසයි.

එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය – News1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved