Connect with us

පුවත්

අද හවසට ප්‍රබල අකුණු : අනතුරු ඇඟවීමක්

Published

on

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

අදාළ නිවේදනය පහතින් ,

පුවත්

ආයෝජන මණ්ඩල සේවකයෝ පාරට බසිති

Published

on

By

‘ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (21) දහවල් 12.00 ට පමණ මහබැංකුව ආසන්නයේ ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ආයෝජන මණ්ඩල සේවකයින් මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වනු ලැබේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved