Connect with us

පුවත්

අධිනිතීඥවරියගේ නිල රථයට පහරදීලා

Published

on

රජයේ අධිනීතිඥවරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල බව පැවසෙන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අධිනීතිඥවරිය ඊයේ (12) පස්වරුවේ සිය රාජකාරි නිමවා නිළ රථයෙන් නිවස කරා යමින් සිට ඇති අතර , පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඇය ගමන්ගත් රථයේ පසුපස වම් අසුන ආසන්නයේ විදුරුවට පහරදී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සදහන් කළේ මෝටර් රථයේ වීදුරුවට එල්ලකල මිටි පහරින් විදුරුව විනාශ වී තිබෙන බවත් මිටිය මෝටර් රථය තුල තිබී සොයාගත් බවය.

රියදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ,මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වැඩවර්ජනයක!

Published

on

By

ගැටලු පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට (22 වැනිදා) උදෑසන අටේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

උසස්වීම්වලට අදාළ ගැටලුව, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලුව, වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම එම ගැටලු වේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන් වෘත්තීය, කථන විකිරණ චිකිත්සකයන් ඇතුළු වෘත්තීන් හතක් මෙම වැඩවර්ජනය සඳහා එක් වේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කළද සෞඛ්‍ය ඇමතිවරයාට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

ඒ අනුව වැඩ වර්ජනයකට එළඹෙන බවට සඳහන් කරමින් සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන ලද ලිපිය මගින් පෙන්වා දෙන්නේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා මැදිහත් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවය.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස පරිපූරක වෛද්‍ය සේවාව තුළ ඇති වන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී සෞඛ්‍ය සේවාලාභියාත්, සමස්ථ මහජනතාවත්, රජයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් මෙන්ම පරිපූරක වෛද්‍ය වෘත්තිකයාත් ආරක්ෂා කරගනිමින් අදාළ ගැටලු විසඳාගැනීමට නිල මැදිහත්වීම සිදු කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා මාර්ගයෙන් අදාළ ගැටලු විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ දායකත්වය ලබාගැනීම සඳහා මෙතෙක් දැරූ සියලු උත්සහයන් ව්‍යර්ත වී ඇති බවද හෙතෙම කීවේය.

Continue Reading

පුවත්

NEXT ඇඟලුම් සේවකයන්ටත් නොකියා වසා දාලා; 1400කගේ රැකියා ඉවරයි

Published

on

By

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි  NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි.

මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.

නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීම සහ වසර කිහිපයක් පුරා ලාභ නොලැබීම මෙය වසා දැමීමට හේතුවී ඇති බවද පැවසේ.

Continue Reading

පුවත්

ජනපති නියමයෙන් නව පත්වීම් කිහිපයක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තනතුරු කිහිපයකට නව පත්වීම් සිදුකර තිබේ.

ඒ අනුව සිදුකෙරුනු පත්වීම් මෙසේය :
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී – ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් – සම්පත් මන්ත්‍රීනායක මහතා

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා

උතුරු පළාත් ප්‍රධාන ලේකම් – තනුජා මුරුගේසන් මහත්මිය 

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved