Connect with us

පුවත්

අධිවේගියට අවම වේග සීමාවක් ළඟදීම!

Published

on

අධිවේගී මාර්ගවල අවම වේග සීමාවක් නියම කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

අද (30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ද අධිවේගී මාර්ගවල අනතුරු සිදුවන බවට හඳුනාගෙන ඇති බවයි. 

එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා අවම වේග සීමාවක් සකස් කිරීම වැදගත් බව සඳහන් කළ අමාත්‍යවරයා, අදාළ විශේෂඥයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, ඔවුන්ගේ කමිටු වාර්තාව අනුව හැකි ඉක්මනින් නව විධිවිධාන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පැවසීය.

පුවත්

ඇමැති තොණ්ඩා ගියත් හරි ජලසම්පාදනේට මාසෙකට ලක්ෂ 30ක් ඉතුරුයි

Published

on

By

ජල සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම්වලින් (පුනරාවර්තන) මේ වන විට මසකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉතිරි වන බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාගේ පාලන කාලයේ ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන, ආහාරපාන ආදියට දැරූ වියදම් ඉතිරි වීමෙන් මෙම මුදල ශේෂ වී ඇති බවද පැවසේ.

හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 20 දෙනකු සේවය කර ඇති බවද වාර්තා වේ.

පැවැති රජයේ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජීවන් තොණ්ඩමන් මහතාය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

පාස්පෝර්ට් පෝලිමේ තැනක් පන්දාහයි

Published

on

By

ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බව වාර්තා වේ. 

දෛනිකව 2000 කට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ පෝලිම් ගැසෙන අතර බොහෝ විට ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000 කට ආසන්න පිරිසකටය. 

එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා බවට වාර්තා වේ. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාන්දර සිට පෝලිමේ සිටුවා ස්ථානයක් අල්ලාගන්නා මෙම ජාවාරම්කරුවන් දහවල් කාලයේදී එම ස්ථානය 5000 කට විකුණන බවද පැවසේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්

Published

on

By

කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගෙන්ද විමසීමක් සිදු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් රත්වත්තේ මහතාගේ බිරිඳටද මිරිහාන පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මේ වනවිට දැනුම්දී ඇත.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.

බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පවසා සිටියේ, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවය.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට ලොහාන් රත්වත්තේ මහතා මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී පසුගිය 31 වනදා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහු ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved