Connect with us

පුවත්

අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

Published

on

සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ විශේෂ සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසුවේ, වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බැවින් 48 වන දිනටත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ද අදාළ ගැටලුවට නිසි විසඳුම් ලබානොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පළකළේ මෙවන් අදහසකි.

“විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල මුලින් තිබුණු ප්‍රශ්නය ලබන අවුරුද්දේ විසඳාගැනීමට තමයි එකඟතාවය තිබුණේ. අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ඇකඩමික් එලවන්ස් එක වැඩි කරාම පස්සේ තමයි මේ දැන් තිබෙන දෙවනි ඉල්ලීම ආවේ.  හිලව් දීමනාව දෙන්න කියලා. එතකන් තිබුණේ නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. එහෙම නම් UGC එකේ ඉතුරු වුණ මුදලකින් තමයි ඒක ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න ඔන්න අපි උත්සාහ කළා. අපි අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා. ඒ අය එක්ක සාච්ඡා වට ගනණාවක් තිබ්බා. නමුත් භාණ්ඩාරගායේ එකඟතාවය නැතුව අපේ UGC එකට ඒක ගෙවන්න පුළුවන් කමක් නැහැ. UGC එක එක්කත් සාකච්ඡාවක් තියෙනවා. ඒ අදාළ වෘත්තීය සමිති එතනදී යම් ආකාරයක එකඟතාවයක් එයි කියලා මම හිතනවා. එහෙම ආවොත් ලිඛිතව ඒ අයට භාරදෙනවා මාර්ග සිතියම මේකයි, ඒ අනුව මේ කටයුතු කරනවා කියලා. එතකොට වැඩට ආවම වැටුප් ගෙවනවා කියලා අපි කියලා තියෙනවා.”

පුවත්

පුංචි ආණ්ඩු හදන්න ආණ්ඩුව, මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර රහස් කතා

Published

on

By

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Continue Reading

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved