Connect with us

පුවත්

අනවශ්‍ය උපාංග ඉවත් කරන්න බස්වලට මාස 3ක්‍

Published

on

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර ඊයේ (08) පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණයකට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ රටක මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩයක් බවය.

ඒ අනුව දේශපාලන අතගැසීම්වලින් තොරව මේ වනවිට මාර්ග විනය සකස්කිරීමේ ක්‍රියාවලිය සඳහා පවත්නා නීති උපයෝගී කරගෙන මෙහෙයුම් සිදුකරන බව දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම මෙහෙයුම් හේතුවෙන් දිනකට මාරක රිය අනතුරු වාර්තාවීම් 4ක් හෝ 5ක් දක්වා අඩුව ඇති බවත්, අනෙකුත් රිය අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා විසින් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පවසන ලදී.

මෙම සාකච්ඡාවේදී බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ වාහනවල අලංකරණය සඳහා සවිකර ඇති කොටස් ඉවත්කිරීම හෝ එය නීත්‍යානුකූල තත්ත්වයට පත්කරගැනීම සඳහා ලබාදී ඇති සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවය.

ඒ හේතුවෙන් මාස තුනක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මෙම සවිකිරීම් මගින් රිය අනතුරට තුඩුදෙන හෝ අනතුරකදී රිය අනතුරේ ස්වභාවය වැඩිකරන ආකාරයේ සවිකිරීමේ වේ නම් ඒවා ඉවත්කිරීමට පොලීසිය කටයුතු කරන බව ඊට ප්‍රතිචාර ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබුණි.

කෙසේ නමුත් එසේ නොමැති සවිකිරීම් වේ නම් ඒවා නිත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කිරීම හෝ ඒවා ඉවත්කර නීතියට අනුගත වීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට හැකි බවය.

මේ අතර මෙම සාකච්ඡාවේදී බස් සංගම් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසියේ නිලධාරීන් බස්රථ තුළට නංවා බස්රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම හැකිතාක් සීමාකරන ලෙසය.

මෙම ක්‍රියාවලිය මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට තවදුරටත් සිදුකරන බව එහිදී වැඩබලන පොලිස්පතිවරයා පවසා තිබේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved