Connect with us

පුවත්

අන්තර් ජාලයෙන් 29,578ක් පාස්පෝර්ට් අයැදුම් කරලා!

Published

on

විදේශ ගමන් බලපත්‍ර අන්තර් ජාල‌ය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 

මෙයින් 5,294ක් එක්දින සේවය සදහාද 24,285ක් සාමාන්‍ය සේවය සදහා ද අයදුම්පත්ඉ දිරිපත් කර ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ 2023 ජූනි15 වැනිදා ආරම්භ කෙරිණි. 

එදින සිට ගත වූ දින 30 ක් තුළ මෙම අයදුම්පත් 29,579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවද අමාත්‍ය ටිරන් අලස් මහතා පැවසීය.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් පැවසීය.

මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

පුවත්

මිල්කෝ සේවකයන්ට අවුරුද්දට බෝනස් නැතැයි ගෝඨා කියයි

Published

on

By

මිල්කෝ සේවකයන්ට මේ වසරේදී බෝනස් ගෙවීමට අපහසු තත්ත්වයක් පවතින බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. 

ඒ භාණ්ඩාගාරයෙන් ලද චක්‍රලේඛ අනුව පාඩු ලබන ආයතනවලට බෝනස් ලබාදීමේ හැකියාවක් නැති නිසා බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ද සහභාගි විය.

2023 වසරේ මිල්කෝ ආයතනයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 501 ක් බවත්, ඉකුත් වසරේ (2024) අලාභය රුපියල් මිලියන 34 ක් බවද සභාපතිවරයා පැවැසීය.

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඈවර කර ඉන්දියානු සමාගමක් සහ දේශීය සමාගමක් ඒකාබද්ධ සමාගමකට බාර දෙන්න සූදානම්ව පැවැති බවත්, ඉකුත් වසරේදී රුපියල් මිලියන 1800 ක බැංකු අයිරාවක් පැවැති බවත්, කිරි ගොවීන්ට හා වෙනත් සැපැයුම්කරුවන්ට තවත් රුපියල් මිලියන 1,200 ක් පමණ ගෙවීමට පැවැති බවත් ඔහු පැවැසීය.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන දෙකක ආදායමක් ලබා ගැනීමට ආයතනයට හැකිවූ බවත්, ගොවීන් සැපයූ කිරි සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල වූ රුපියල් මිලියන 500 ගෙවා අවසන් කිරීමට හැකිවූ බවත්, අනෙකුත් සැපැයුම්කරුවන්ට මේ වන විට රුපියල් මිලියන 700 ක් පමණ ගෙවා අවසන් කර තිබෙන බවත් ඔහු කීවේය.

Continue Reading

පුවත්

සඳමාලි සීනි සමාගමට, දුඹුරු සීනි අප්‍රේල් 02 තෙක් පැටවීම නවතියි

Published

on

By

ලංකා සීනි සමාගමේ සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්කර තිබේ. 

මීට පෙර එම තනතුරේ නටයුතු කළ රුක්ෂාන් ගුණතිලක මහතා ඉන් ඉවත්වීමෙන් පසුව මේ පත් කිරීම සිදු කර ඇත.

එමෙන්ම ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත් කර තිබේ.

එලෙස පත් වූ නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.

මේ අතර පැලවත්ත සහ සෙවනගල ඒකකයන් දෙකෙහි සීනි ගබඩාවේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනයක් සිදු කිරීම හේතුවෙන් අලෙවි කරන ලද දුඹුරු සීනි පැටවීම් කටයුතු පසුගිය 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු නොකරන බවට ගැණුම්කරුවන්ට දැනුම් දී තිබේ. 

නව සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව අදාළ විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි පැටවීම් කටයුතු සිදු කරන බවද එම ලිපියේ දැක්වේ.

Continue Reading

පුවත්

අධිකරණ නියෝගය නොතකා විරෝධතා දැක්වූ 27ක් අත්අඩංගුවට

Published

on

By

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්වී තිබුණි.

එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved