Connect with us

පුවත්

අනුරගෙන් පුටින්ට ලිපියක්

Published

on

BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති පීඑම් අම්සා මහතා රුසියානු මාධ්‍ය නාලිකාවක් වන RIA Novosti සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී  මේ බව අනාවරණය කර තිබුණි.

ඔහු පවසා තිබුණේ ජනාධිපතිවරයා ඔක්තොම්බර් මාසයේදී අදාළ ලිපිය රුසියානු ජනපති පුටින් වෙත යොමු කළ බවය.

එමෙන්ම,  BRICS සාමාජිකත්වය දරන අනෙකුත් රටවල් වෙතද මෙලෙස ඉල්ලීම් කළ බවත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටින බවත් තානාපතිවරයා පවසා තිබේ

බිලියන 3.6ක පමණ ජනගහනයකින් යුතු රටවල් දහයක් දැනට බ්‍රික්ස් සංවිධානය නියෝජනය කරන අතර ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනයෙන් 40% ක ප්‍රමාණයක් මෙන්ම ගෝලීය භාණ්ඩ අපනයනයෙන් 25% පමණ ප්‍රමාණයක්  සිදුකරනු ලබන්නේ මෙම බ්‍රික්ස් සාමාජිකත්වය දරන රටවල් විසිනි.

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

පුවත්

මේ වසරේ සුරාසැල් වැසෙන දින මෙන්න

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved