Connect with us

පුවත්

අනුරට බැනපු පොත් ප්‍රකාශකයාට සංගමයෙන් බැණුම්

Published

on


පසුගියදා පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණිම සම්බන්ධයෙන් මුහුණූ පොතේ ‍ප්‍රකාශකයෙකු විසින් පළකළ ප්‍රකාශය, පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හෙළා දැක තිබේ.

එහි ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පැවති “ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ කෙටුම්පත්” මහජන ප්‍රතිචාර සඳහා එලිදැක්වීමේ සමුළුවට එක්වු ජනාධිපතිතුමාට ප්‍රදර්ශනය නැරඹීම සඳහා ආරාධනා කළ බවය.

ඒ අනුව පැමිණි ජනාධිපතිතුමා සැමරුම් පොතෙහි සටහන් තබන අවස්ථාවේදී මාධ්‍යවේදීන් සහ මහජනතාව රොද බදිමින් තෙරපෙමින් සුබ පැතීම නිසා A ශාලාවට මෙන්ම B ශාලාවට සුභ පතන්නන් අතරින් ජනාධිපතිතුමා ඉතා අසීරු තත්වයකින් පැමිණි බව ඔහු විසින් පෙන්වා දෙයි.

ප්‍රකාශකයින් හෝ පාඨක ජනයාගෙන් විරෝධයක් දැක්වු බවට සාවද්‍ය ලෙස මුහුණුපොතේ පලකර ඇති පෝස්ටුවේ පරිදි පැවසීම සංගමයටත්, ප්‍රකාශකයින්ටත්, පාඨකයින්ටත් කරන ලද නිගරුවක් බව එහි සඳහන් වේ.

අන්තර්ජාලයේ පල කරන ලද අදහස් වත්මන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ඉවසිය නොහැකි පෞද්ගලික හා වෛරී මනෝභාවයක් සහිත පුද්ගලයකුගේ ක්‍රියාවක් බව එම නිවේදනයේ සඳහන්ය.

වත්මන් ජනාධිපතිතුමා හට පැමිණ සිටි පාඨක ජනතාව විසින් දක්වන ලද අපරිමිත සෙනෙහස තම කුටිවලට වී සිටි අදාල ප්‍රකාශකයාට නොරිස්සු බව පැහැදිලිව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved