ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. යෝජනාවලින් ඉවත්විය නොහැකි බව පැවසු හිටපු ජනාධිපතිවරයා රටේ දැනට පවතින ධාරිතාව සම්පූර්ණ වූ විට නව මාර්ග සොයාගත යුතු බවත් ඊට යොමු වීමට කාලයක් ගතවනු ඇති බවත් සඳහන් කලේය.
අමාරි කලම්බු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය නොවැම්බර් 30 එක්වෙමින් මේ බව පවසා සිටියේය.
කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේදී එතෙක් රටේ තිබූ ධාරිතාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට 2022-24 කාලයේ උත්සාහ කළ බව පැවසු වික්‍රමසිංහ මහතා ආර්ථික වර්ධන වේගය සියයට තුනක් අපේක්ෂා කළද එය සියයට පහක් දක්වා ගෙන ඒමට හැකිවූ බව සඳහන් කලේය.
මෙරට සංචාරක ව්‍යාපාරය ආර්ථිකය දියුණු කිරීමේ එක් මාර්ගයක් බව ත් සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයන් අලුතින් සිතා ව්‍යාපාර අවස්ථා වැඩි කළ යුතු බවත් පැවසීය.
තවද 2028 වන විට නැවත ණය ගෙවීමට තිබෙන බැවින් අලුත් ආදායම් මාර්ග සොයාගත යුතු යැයි පැවසු රනිල් මහතා විදෙස් සංචාරකයකුගෙන් මෙරටට ලැබිය යුතු ආදායම ඩොලර් 50,100 වැනි මුදලකට එහා ගොස් ඩොලර් 300ක් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ද ප්‍රකාශ කලේය.
එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් තමා අයි.එම්.එෆ්. සංවිධානය සමග ආරම්භ කළ වැඩපිළිවෙළින් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බවද තවදුරටත් අදහස් දක්වමින් රනිල් මහතා පවසා සිටියේය.