ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (25) දිනයේදී පැවැත්විණි.
බොරැල්ල ,,කොටා පාරේ, එන්.එම්. පෙරේරා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වර්තමානයේ ඛනිජ තෙල් කර්මාන්තය මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමුවිය.
මෙහිදී අදහස් දැක්වූ ඛනිජතෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කුසුම් සඳනායක,
ඛනිජතෙල් බෙදුම්කරුවන් රුපියල් 3% ක කොමිස් මුදලක් තියා ගන්නවා කියලා රට පුරා පැතිර යනවා ඒක සම්පූර්ණ බොරුවක්.අපිට මේ 3% ලබා දීලා තියෙන්නේ ආදායමක් හැටියට අපි මේකෙන් වියදම් කරන්න ඕන.අපිට වැට් බද්දට සීයට දශම පහක් ගෙවන්න ඕනි මේ 3% කොමිස් මුදලෙනුත්.
ඉන්ධන පිරවුම්හල් 1400 පමණ ලංකා පුරා තියෙනවා.වසර 50 ක් පමණ පරන අපි ඉන්ධන බෙදුම්කරුවන්සෙඩ් 700 ගානක් විකුනන්නෙ ලෝඩ් 20 වඩා අඩු ඒවා ඒවයින් ලාබ ලබන්නෙ ඔය 3% කොටස.ඒක කොමිස් මුදලක් නෙමෙයි ඒකෙන් ලක්ෂ 10 ක් ලැබෙනවා එකෙන් වතුර බිල් පොම්ම රෙපයාර් ලයිට් බිල් ගෙව්වාම අපිට ලක්ශයක් පමණයි ඉතුරු වෙන්නෙ.
අපිට කිසිම කොමිස් මුදලක් හම්බ වෙන්න් නෑ.නඩත්තු කරනවට තමයි අපිට මේ 3% ලැබෙන්නෙ.ජනවාරි ඉදන් වැට් එක හැටියට ඒ 3% න් තවත් .5.7% ගානක් කපා ගන්නවා. අපිට හම්බ වෙන මේ කොමිස් මුදල යන්න් සේවකයන් නඩත්තුවට මෙහෙයුම් කටයුතු වලට.ලබන අප්‍රේල් මාසේ ඉදන් සියලුම සේවකයන්ට රුපියල් 30000 කින් විතර පඩි ගෙවන්න වෙනවා.
අපිට මේ 3% න් කරන් යන්න බෑ.එහෙම නොවුනොත් ලංකාවේම ඉන්ධන පිරවුම් හල් වැසී යෑමක් තියෙන්නෙ.
බදු ඇතුලු සියලුම දේම වැඩි කරාම අපිට මේ 3% කොමිසම් මුදලෙන් කරන් යන්න බෑ.ආන්ඩුව කියනවා බෙදුම් කරුවන්ට 3% කොමිස් මුදලක් ගෙවනවා කියලා ඒකත් අඩු කරන්න යනවා.
ඉන්ධන ලීටරයකින් තව රුපියල් දෙකක්වත් අඩු කරන්න බෑ අපි ඉල්ලනවා අදාළ නිලදාරින්ගෙ මේ ගැන නැවතත් ඝනනය කරලා අනීතිකබාවය ගැන කියන්න මෙතන 3% තියෙන.අපි මේක කරන්නෙ ඉතාමත් කැපවිමෙන්.
මෙම අවස්ථවට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු, සම ලේකම්වරුන් වන කපිල නාඔටුන්න, ආසිරි පෙරේරා, උප සභාපතිවරුන් වන කුසුම් සන්දනායක, එච්.එම්.අමීර් අලි, මුදිත ජයවීර,ජාන් සමරනායක, ආචාර්ය ආර්.එම්.ඩබ්.රාජගුරු ඇතුළු පිරිසක් සහභාගීඉ වූහ.