Connect with us

පුවත්

අපිට රනිල් එක්ක දීගයක් ඕන නැහැ

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (04) අදහස් දක්වමින් ඔහු සදහන් කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බැවින් එවැනි දේශපාලන දීගයකට යෑමේ වුවමනාවක් නොමැති බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා එක්කිරීමට මේ වන විට බොහෝ පාර්ශවයන් දැඩිව උත්සහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව පැවසූ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වන ලෙසට තමන් අත්දෙක එකතු කර ඉල්ලා සිටින බවය.

එසේ කිරීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔහු මෙහිදී සදහන් කලේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයකු වන නන්දන ගුණතිලක මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද (04) ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්වී කටයුතු කළ යුතු බවය.

මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්වෙමින් තලතා අතුකෝරාළ මහත්මියද සදහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමකින් තොරව පක්ෂ දෙකටම ඉදිරි ගමනක් නොමැති බවයි

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා එක වහළක් යටට ගෙන ඒමට මේ වන විට ස්ථාන කිහිපයකම විටින් විට සාකච්ඡා පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද පසුගියදා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රධාන පාර්ශව සන්ධාන ගතවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවය.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය දැඩිව විරෝධය පලකර ඇති බවය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved