Connect with us

පුවත්

“අපි ජනතාව අතරට යන්න බය නැහැ”

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණ ජනතාවගේ ප්‍රශ්න හමුවේ පලා නොයන බව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රටේ ජනතාවට අහිතකර තීන්දු තීරණ සඳහා තම පක්ෂයේ සහය හිමි නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මේක ජ.වි.ප ද, පොහොට්ටුවද, යූන්පීයද ශ්‍රී ලංකාද, TNA එකද කියන් එක නෙවෙයි, මේක ශක්තිමක් වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දුර්වල වුණාම තමයි මිනිස්සු කඩු කිනිසි අතට අරගෙන ප්‍රශන විසඳගන්නේ. ඒ නිසා අපි ජනතාවගේ ප්‍රශ්න හමුවේ පැනලා යන්නේ නැහැ. අපි මේ රටේ ජනතාවට අහිතකර තීන්දු තීරණ වලට උදව් කරන්නේත් නැහැ උදව් කරලත් නැහැ අපි ඒවා ගේන්නෙත් නෑ. ඒ නිසා අපි පැහැදිලිවම ජනතාව අතරට යන්න බය නැහැ.”

පුවත්

සියැට් කැලණි ගැන කළුතර විද්‍යාලයේ ගුරුවරුන්ට පුහුණුවක්

Published

on

By

කළුතර විද්‍යාලයේ අභිමන් කළමනාකරණ සභාව විසින් සියැට් කැලණි ජාත්‍යන්තර ටයර් (පුද්ගලික) සමාගම සමඟ එක්ව සංවිධානය කරන ලද සම්පූර්ණ තත්ත්ව කළමනාකරණ (TQM) පුහුණු වැඩසටහනක් සහ කර්මාන්තශාලා චාරිකාවක් සියැට් කැලණි කර්මාන්ත ශාලාවේදී පසුගිය දා පැවැත්විණි. 

සියැට් කැලණි ජාත්‍යන්තර ටයර් කම්හල් පරිශ්‍රයේ පැවති එම පුහුණු සැසියට කළුතර විද්‍යාලයේ ගුරුවරුන් 55කට අධික පිරිසක් සහභාගි වූහ. 

නිෂ්පාදන කර්මාන්තයේ සමස්ත තත්ත්ව කළමනාකරණ (TQM) මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතය පිළිබඳව ඔවුන් වටිනා අවබෝධයක් මෙහිදී ඔවුන්ට ලබා දෙන ලදී. 

ගුරුවරුන්ට TQM මූලධර්ම ක්‍රියාවෙන් ප්‍රායෝගික අත්දැකීම නිරීක්ෂණයට ඉඩ සලසා දුන් අතර, මෙම වැදගත් සංකල්ප පිළිබඳ ඔවුන්ගේ අවබෝධය බෙහෙවින් වැඩි දියුණු කෙරිණ. 

සියැට් තත්ත්ව පාදක කළමනාකාරීත්වය විසින් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සම්පත් දියුණු කර ගැනීම පිළිබඳ මනා අධ්‍යයනයක් මෙහිදී ලබා දී ඇත.

Continue Reading

පුවත්

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක

Published

on

By

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය.

වෛද්‍ය අසංක කෝණාර මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම් රංග මහතා සඳහන් කළේ, අදාළ චෝදනාව එල්ල් වී ඇති විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීමට සෞඛ්‍ය ආමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇති බවය.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා ලිඛිත දැනුම් දීම අද දිනයේ සිදුවනු ඇති බව ද කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කලේය.

Continue Reading

පුවත්

එල්.බී. ෆයිනෑන්ස් ලොක්කෝ අඹු සැමි යුවලක් සිරකරගෙන; අධිකරණය පොලිසියෙන් තොරතුරු ඉල්ලයි

Published

on

By

එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ ශාඛාවක් තුළ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිරකර, සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය, කොළම ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත ඊයේ (04) දන්වා සිටියේය. 

අදාළ ආයතනයේ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් අධිකරණයට දැන්වීය.

උත්සව කටයුතු සඳහා වාහන දීමේ ව්‍යාපාරයක නිරත ගනේමුල්ල, බොල්ලත, ගල්පොත්ත පාර පදිංචි අශාන් ද සිල්වා මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත, විමර්ශන කටයුතු ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

තමා අදාළ ලීසිං සමාගමේ ගනේමුල්ල පිහිටි ශාඛාවෙන් රුපියල් ලක්ෂ 20 ක ලීසිං පහසුකමක් වසර 05 ක් දක්වා ගෙවීමට ගත් බවත්, ඊට අදාළ මුදල් සහ පොලිය 2024 අප්‍රේල් 08 වැනිදා වන විට ගෙවා අවසන් කළ බවත් පැමිණිලිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිලිකරුගේ කාර් රථයට අදාළ ලීසිං පහසුකම ගෙන අවසන් හෙයින්, ඊට අදාළ ලිපි ලේඛන දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ලීසිං සමාගමේ ගනේමුල්ල ශාඛාවේ නිලධාරින් දන්වා ඇත්තේ එම ලේඛන කුරුඳුවත්තේ පිහිටි ශාඛාවෙන් ගන්නා ලෙස බව දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් ඒ පිළිබඳ විමසීමට පැමිණිලිකරු සිය බිරිඳ සමග එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ කුරුඳුවත්තේ පිහිටි ණය පියවීමේ ශාඛාව (සෙට්ල්මන්ට්) ආයතනයට ගොස් ඇතැයි දන්වා සිටියේය.

එම අවස්ථාවේදී ලීසිං සමාගමේ කුරුඳුවත්ත ශාඛාවේ ප්‍රධාන කළමනාකරු බව කියන ගිහාන් නමැති අය පිමිණිලිකරුගේ බිරිඳට “තමුසෙලාගේ යතුරක් මම ගත්තෙ නැහැ. ඒක ගත්ත කෙනාගෙන් ඉල්ලගන්නවා.” යනුවෙන් බැණ තර්ජනය කළ බවත්, එහි සිටි පිරිසක් ආයතනයේ ඉබි යතුරු දමා වසා දමමින් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරිඳට පිටතට යෑමට නොදී සිරකර තබා ඇති බවත්,  පසුව 119 දුරකථන අංකයට ලද ඇමතුමක් පරිදි පොලිසිය පැමිණ දෙපාර්ශ්වයම කුරුඳුවත්ත පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවත් සැරයන් සමන් රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved