Connect with us

පුවත්

“අපේ ආණ්ඩුව වැරදි කරන්නේ නැහැ”

Published

on

රටකට අවශ්‍ය වන්නේ ශක්තිමත් විපක්ෂයක් නොව ශක්තිමත් ආණ්ඩුවක් බව ටිල්වින් සිල්වා මහතා පවසයි.

සමඟි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ පාර්ශවය,පොදුජන පෙරමුණ ඇතුළු කණ්ඩායම් දැන් ආණ්ඩු බලය නොලැබෙන බව දන්නා නිසා ශක්තිමත් විපක්ෂයක් ගැන පවසමින් සිටින බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට මඟ පෙන්වීමට නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව ඔවුන් පවසන නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැරදි නොකරන නිසා ඔවුන්ගේ මඟ පෙන්වීම අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ඔවුන් පැවසූ සියල්ල බොරු බව මේ වන විට තහවුරු වී තිබෙන බවද ඔහු කියාසිටියේය.

‘දැන් යන්තන් කෙඳිරි ගාලා කියනවා රටට විපක්ෂයක් තියෙන්න ඕනේ, ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ කියල.ශක්තිමත් විපක්ෂයක් හදන්න ජන්දේ දෙන්නලු. රටට ඕනේ ශක්තිමත් විපක්ෂයක් නෙවෙයි ශක්තිමත් ආණ්ඩුක්. රට හදන්න. ඒ නිසා අපි හිතන්නේ ජනතාව හදන්න ඕනේ ශක්තිමත් ආණ්ඩුවක්. 

මේ දවස්වල තවත් මොකක්ද වෙනසක් කරලා කියනවා ඒගොල්ලන්ට විපක්ෂය භාරදෙන්නලු මොකටද කොහොමත් මාලිමාව ආණ්ඩුව හදනවා ඒ නිසා විපක්ෂය භාර දෙන්නලු මාලිමාවේ ආණ්ඩුවට මඟ පෙන්වන්න. පුදුම කට්ටිය අපට මඟ පෙන්වන්න. හොරකම් කරන්න මඟ පෙන්වයි අපිට ඕනේනම්. ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න විපක්ෂයක් ඕනෙලු. අපි වැරදි කරන්නේ නැහැ.ඒ නිසා ඒගොල්ලෝ කලබල වෙන්න ඕනේ නෑ. දැන් ඒ නිසා ඔවුන්ට කියන්න සටන් පාඨයක් නැතුව ඉන්නේ. ඇයි ඒගොල්ලෝ ජන්දෙට කලින් කියපු ඔක්කොම බොරුවෙලා. 

ජනාධිපතිවරණයට කලින් සමඟි ජන බලවේගය,රනිල් වික්‍රමසිංහලා,පොහොට්ටුවේ කට්ටිය අපට විරුද්ධව මොනවද කිව්වේ.ගොඩක් දේවල් කිව්වා. ඒ ඔක්කොම දැන් අපි බොරු කරලා තියෙන්නේ. මාසෙන් බොරු කියල පෙන්නුවා. මාලිමාවට බලය දෙන්න එපා මේ ගොල්ලන්ට ආණ්ඩු කරන්න පුළුවන්කමක් නෑ. ජාත්‍යන්තර සහයෝගය අපට නැහැ කිව්වා. ඒක තියෙන්නේ රනිල්ට විතරයි කිව්වා ඉංග්‍රීසි පුළුවන් නිසා. දැන් ඒක බොරු වෙලා නැද්ද? ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර සහයෝගය වැඩියෙන්ම හම්බුණ ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඊළඟට අපට ආධාර දෙන්නේ නැහැ කිව්වා. ඔය දෙන්නේ. ලෝක බැංකුව අපි ඉල්ලන්නෙත් නැතුව ඩොලර් මිලියන 200ක් දුන්නා සංවර්ධන වැඩට යොදාගන්න කියල. ඉන්දියාවේ ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් කරමින් හිටිය ඩොලර් මිලියන 400ක් විතර වටින.ණයට කරමින් හිටියේ. ඉන්දියාව අපිට කිව්වේ ඒ ණය එපා ආපහු තෑග්ගක් ලෙස තියාගන්න කියල. පහුගිය දවස්වල ගං වතුර ආව. චීන තානාපතිතුමා ඇවිල්ලා අනුර සහෝදරයා මුණ ගැහිලා අපිට ආධාරයක් කළා ගං වතුරෙන් පීඩාවට පත්වුණ අයට සහන දෙන්න කියල. ඇමරිකානු තානාපතිතුමිය කිව්වා ලඟදි දවසක ලංකාවේ වංචා දුෂණ නැති ආණ්ඩුවක් ඉස්සරහට යමින් තිබෙනවා ඒ නිසා ඒගොල්ලෝ ලෑස්තියි කියල ඇමරිකාවෙන් ආයෝජන විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙන්න. ඒ වගේම තමයි චීනය කිව්වා පාසැල ළමයින්ට රෙදි දෙනකොට ඒගොල්ලෝ කලින් 60%ක වගේ ප්‍රමාණයක දායකත්වයක් දුන්නා. මේ පාර ඒ සමස්ත රෙදි ප්‍රමාණය තෑග්ගක් ලෙස ලබා දෙනවා කියල කිව්වා. එහෙම තත්ත්වයක් දැන් තියෙන්නේ. කාටද කියන්නකෝ එහෙම ආධාර හම්බුණේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved