Connect with us

පුවත්

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ

Published

on

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

විභාගය අද( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට නියමිතය.

මෙවර  අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වේ.

මේ දින­යන්හි ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට ඇති වන වර්ෂා තත්ත්ව­යත් සමඟ හදිසි ආපදා තත්ත්ව­යන් ඇති වුව­හොත් ඒ සඳහා අවශ්‍ය කට­යුතු ද සිදු කිරී­මට ද සැල­සුම් කර ඇති බව  විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ, වර්ෂාව නිසා කිසි­යම් සිසු­ව­කුට විභා­ගය පව­ත්වන මධ්­ස්ථා­නය වෙත ළඟා වීමට අප­හ­සු­තා­වක් ඇති වුව­හොත් 117 ක්ෂණික දුර­ක­තන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බවය.

පුවත්

මදුරු මර්දකයින් 1103ක් අනුමැතියක් නැතුව වැඩට අරන්

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන්  1103  දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම සංඛ්‍යාවෙන් කාර්යමණ්ඩල තොරතුරුවලට ඇතුළත් කර තිබුණේ තනතුරු 05 ක් පමණක් බව එම විගණන වාර්තාවෙහි සඳහන්ය.

මෙම සේවකයන් සේවයේ යොදවා තිබුණේ රුපියල් 27000ක පමණ දීමනාවක් යටතේ බවද දැක්වේ.

අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් ආයතන හා අංශවලට අදාළ 2023 ජුනි 30 දිනට අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 95950ක් හා එදිනට තත්‍ය කාර්ය මණ්ඩලය 81904 කි.

ඒ අනුව සමස්ත කාර්ය මණ්ඩලයේ ඌණතාවය 14033ක් ලෙස පැවතුන බව වාර්තාවෙහි සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවේය.

Continue Reading

පුවත්

මේක රාජපක්ෂලා ගිය පාරෙම යන ආණ්ඩුවක්

Published

on

By

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වන බවත් ඔවුන් සිය වාසියට හේතුවන ආකාරයට මැතිවරණ පවත්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පසුගියදා (16) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජපක්ෂලා ගමන් ගත් මාර්ගයේම නව ආණ්ඩුව ගමන් කරන බව මේ වන විට පෙනී යන බවය.

“ මීට පෙර රාජපක්ෂලා සිදුකළෙත් මේ දේම තමයි. රාජපක්ෂලා බලයේ සිටින කාලයේ මැතිවරණ කඩින් කඩ පවත්වන්න කටයුතු කළා. ඔවුන්ට වාසි වන ආකාරයට මැතිවරණ තිබ්බා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට භාණ්ඩ බෙදුවා. රාජපක්ෂලාට ඡන්දය දෙන්න නැතිනම් රට සංවර්ධනය වෙන්නේ නෑ කියන කතාවත් ඔවුන් ප්‍රකාශ කළා. රාජපක්ෂලා ගිය මාර්ගයේම මේ රජය යන බව පෙනෙන්න තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට බලය නැති කාලයේ ජනතාවට ඡන්දය දාන්න ඉඩ දුන්නේ නෑ.”

ඒ වගේම ඉන්දියානු අගමැතිවරයා පසුගියදා ලංකාවට පැමිණ ලංකා රජය සහ ඉන්දියානු රජය සමඟ ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව යම් යම් ආන්දෝලනාත්මක කතා රටේ පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුම් 7 තුළ අඩංගු කරුණු කාරණා පිළිබඳව කිසිවෙක් දැනුවත් නෑ. ඒ වගේම මේ ගිවිසුම් සියල්ල දැක්කා කියා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක්වත් තවම ප්‍රකාශයක් කර නෑ. විදේශ ඇමැතිවරයා ගිවිසුම් අත්සන් කළ බවට ප්‍රකාශයක් කළත් වෙනත් කිසිම කැබිනට් ඇමැතිවරයෙක් ගිවිසුම් පිළිබඳව සෘජු ප්‍රකාශයක් කළේ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා කියනවා ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා මේ කියන්නේ අමූලික බොරුවක්. ගිවිසුම් අත්සන් කළාට පසුව දින තුනක් පාර්ලිමේන්තුව පැවැත්වුවා. නමුත් ඒ කිසිම දවසක කිසිම ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස තරගෙට බොරු කියන්න පටන් අරන්. මෙහෙම ජනතාවට බොරු කිය කිය කොහොමද ආණ්ඩුවක් කරන්නේ.”

Continue Reading

පුවත්

ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ඇරඹෙයි

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ වේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.

ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ,  සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21 වෙනිදා වන විට බෙදා අවසන් කරන බවය.

මේ වන විට පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved