Connect with us

පුවත්

අමරකීර්තිගේ නඩුවට 37ක් තාමත් රිමාන්ඩ්

Published

on

පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරියය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

මෙය සමාජයේ මහත් කැළඹීමක් කළ සිදුවීමක් නිසා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරියය මහතා විසින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන මහත්වරු කටයුතු කරති.

2022 මැයයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවනන්ට එරෙහිව නඩු පවරා ඇ.

පහරදීම” ඝාතනය කිරීම” ඔවුන් ගමන්ගත් ජීප්රථයට පහරදී රුපියල් මිලියන 45ක ආලාභයක් කිරීම” එම ජීප්රථයෙය් අමතර රෝදය සහ පැති දොරක් සොරා ගැනීම” පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතාගේ අතේ පැළද සිටි මුදු තුනක් සොරා ගැනීම” ඔහුගේ සාක්කුවේ තිබු බිරිඳට අයත් ණය කාඩ් පතක් සොරා ගැනීම සහ ඉන් නීතීවිරෝධී අන්දමින් භාන්ඩ මිලදී ගනීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 42දෙනා අතුරින් විත්තිකරුවන් 37 දෙනෙකු මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසු වන අතර තවත් විත්තිකරුවන් 05 දෙ‍ෙකු ඇප මත මුදා හැර ඇත.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා ඇපපිට නිදහස්

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.

ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

Continue Reading

පුවත්

සලෝචන යළි රිමාන්ඩ්

Published

on

By

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය සිදු කළාය.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading

ඡායාරූප සටහන

ඓතිහාසික ථූපාරාම රූප මන්දිරය සංරක්ෂණය කිරීම වෙනුවෙන්  එක්සත් ජනපදයේ සහයෝගය

Published

on

By

අද (17) දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ ඇතුළත් වී තිබෙන පොළොන්නරුව පුරාණ නගරය තුළ පිහිටා තිබෙන ප්‍රධානතම ස්ථානයක් වන ඉපැරණි ථූපාරාම පිළිම ගෙය ආරක්ෂා කිරීම සඳහා නව සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල
වෙතින් ලබාදුන් ඩොලර් 109,000 ක (රුපියල් මිලියන 32 ඉක්මවන මුදලක්) මේ සඳහා යොදවා ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved