Connect with us

පුවත්

අම්බලන්ගොඩ තවත් වෙඩි තැබීමක්

Published

on

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදෙශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන් කොල්ලා” නැමැත්තාගේ නිවසට අද (14) අලුයම ⁣වෙඩි ප්‍රහරයක් එල්ල වී ඇත.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීම වෙන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇත.

පුවත්

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

Published

on

By

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.

Continue Reading

පුවත්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මෙරටට

Published

on

By

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලබන 23 වනදා සිට මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ලබන 23 වන දා සිට 26 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

මෙම සංචාරය අතරතුර දී මහ කොමසාරිස්වරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතය.

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් සමාජ නියෝජිතයන් ,රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මහකොමසාරිස්වරයා මහනුවර දළදා මාළිගාවට ද ගමන් කිරීමට නියමිතය.

එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂිතය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින් මානව හිමිකම් සහ සංහිදියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම කෙරෙහි මෙම සංචාරය අතරතුර දි වැඩි අවධානයක් යොමුවනු ඇත.

Continue Reading

පුවත්

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

Published

on

By

Child Beggars

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන  බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

සිගමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි බාරකාරත්වයකට පත්කිරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම,  නුගේගොඩ ,  ගම්පහ,  පානදුර,  කැලණිය, මීගමුව,  ගල්කිස්ස,  කළුතර, තංගල්ල යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මකය.

එමෙන්ම අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාශවල ද මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය සදහන් කරයි.

ජනාකීර්ණ ප්‍රදේශ,  මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණ අසල මෙන්ම මාර්ග සංඥා පහන් දැල්වෙන ස්ථාන අසල මෙවැනි දරුවන් බහුලව දැකගත හැකිය.

පසුගියදා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් එවැනි දරුවන් 21 දෙනෙකු අදාළ නිලධාරීන් භාරයට ගෙන ඔවුන් සුදුසු භාරකාරත්වයක් යටතට පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved