Connect with us

පුවත්

අමාත්‍යාංශ භූමිය දොස්තර වාහනවලට සීමා කිරීම ගැනගිලන් රථ රියැදුරෝ විරෝධය පාති

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ රජයේ වාහන විසි පහක් නතර කිරීම තහනම් කරමින්, වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වාහන පමණක් නතර කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරන්ගේ සංගම් සෞඛ්‍ය ලේකම්වරයාට ඊයේ (04) විරෝධය පා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රජයේ වාහන විසිපහ කොළඹ ජාතික රෝහල් භූමියේ ගාල් කළ යුතු බවය.

ඊට විරෝධය පළකළ ගිලන් රථ රියැදුරන් සෞඛ්‍්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල හමුවේ කරුණු දැක්වීමේදී අනාවරණ වී ඇත්තේ අත්‍යවශ්‍ය වාහන පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ගාල් කර තබන ලෙසයි.

පුවත්

14 ක් රෝහලට යැවූ බස් අනතුර

Published

on

By

අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

බස් රථයේ මඟීන් 49ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

අද දවසේත් තද වැසි ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බව සඳහන්ය.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස තමන් මෑතකදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවා තක්සේරු කරවූ බවත් එම තක්සේරුව අනුව එහි මාසික කුළිය රුපියල් ලක්ෂ 46ක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මිලියන 700ක්. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා. 60 යි. තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. 

මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවාද ? තවම ඉඩම තක්සේරු කරගන්න බැරිවුණා ගේ විතරක් තක්සේරු කළා. ගේ තක්සේරුව අනුව මාසික කුළිය ලක්ෂ 46 යි. පනතේ තියෙනවා එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි, නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. 30,000 ක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසෙ කුලියට. 

චන්ද්‍රිකා ඉන්න ගේත් තක්සේරු කරන්න ගියා, එතුමිය කියලා තිබුණා සති දෙකක් ලන්ඩන්, සති දෙකෙන් පස්සෙ එන්න කියලා. දැන් ඇවිල්ලා ඉන්නෙ, දැන් යවනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved