Connect with us

පුවත්

අමාත්‍ය ෂෙහාන් ට මරණ තර්ජන

Published

on

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  මහතා ඝාතනය කර  පුළුස්සා දමන බවට  නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින්  විමර්ශන ආරම්භ කර ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊයේ  (15) පස්වරු 4.00 ට හා 4.09  ට එම තර්ජනාත්මක ඇමතුම් දෙක ලැබී ඇති බව   මුදල් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙක් සහ කාර්යාල කාර්ය සේවකයෙක්  පැමිණිලි කර ඇත.

‘ඡන්දෙ කාලෙදි අපි තමයි සර්ට උදව් කරේ ,එයාට කොළඹට වෙලාම ඉන්න කියන ආයි මෙහේ එන්න එපා කියන්න ,ආවොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්නේ වෙන්නේ‘ යැයි පවසා දුරකථනයේ විසන්ධි කර ඇති බව  ” කාර්යාල කාර්ය සහයකයා  කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය .

(ලංකාදීප )

පුවත්

බිලිඳිය ගැන රජයෙන් තීරණයක්

Published

on

By

කුරුණෑගල මාවතගම වෙල්යායක අත්හැර දමාගිය බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළාය.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන එම බිලිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර  ප්‍රදේශයේ වෙල්යායක ගසක් යට දමාගොස් සිටියදී බිලිඳියක් හමුවූයේ පෙරේදා (17) පෙරවරුවේදීය.

අනතුරුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම බිලිඳිය පළමුවෙන් මාවතගම රෝහලට ඇතුළත් කිරීම සිදුවිය.

පසුව මෙම බිලිඳය ඇතුළුකරනු ලැබුවේ, කුරුණෑගල ශික්ෂණ රෝහලටය. 

මේ අතර ඊයේ මෙම බිලිඳාව, පැලඳ සිටි ටී ෂර්ටය ගලවා ඉන් ආවරණය කර දෑතට ගත් පුද්ගලයා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය විය.

ඒ පොලීසියේ ඉල්ලීම මත බිලිඳියව අත්දෙකට ගැනීමට එම ස්ථානයේ සිටි කාන්තාවන් ඉදිරිපත් නොවීම හේතුවෙනි. 

ඕවත්තාවෙල, වෑ උඩ ප්‍රදේශයේදී පදිංචිකරුවෙකු වන ඵ්.ඇ.චන්දන කුමාර ජයවර්ධන නැමැති මොහු වෘත්තියෙන් රියැදුරුවරයෙකි. 

මේ අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජි පෝල්රාජ් මහත්මිය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, මෙම බිලිඳියගේ මව සොයා මේ වන විට විමර්ශන සිදුකරන බවය. 

එමෙන්ම, කැපකරු මාපිය ක්‍රමය සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද ප්‍රදේශ රැසකට වැසි – ධීවරයින්ටත් දැනුම්දීමක්

Published

on

By

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන බවය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැකිය. 

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වෙයි. 

ඉදිරි පැය 24 සඳහා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට  දැනුම්දෙයි.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට  රළු  විය හැකිය. 

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ). 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (17) රැස්වූ  යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලද අතර ලබන 24 වැනිදා දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය හිමිවිය.  

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. 

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ. මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ විය.

නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ අතර මීට පෙර කාරක සභාවේදී එකඟවූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබිණි. නව පනත් කෙටුම්පතට අනුව ඉඩම් අයිතිය, පාරිභොගික අයිතීන් ආදි කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි. 

එසේම පනත සම්මත වීමෙන් පසු පාරිභෝගීක අයීතීන් පිළිබඳ රෙගුලාසි සෑදීම සඳහා මසක කාලයක් තුළදී විදුලිබල අමාත්‍යාංශය සහ  මහජන උපයෝගීතා කොමිෂන් සභාව එක්ව කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට කාරක සභාව විසින් නි‍ර්දේශ කරන ලදී.       

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, මංජුල සුරවීර ආරච්චි සහ ශාන්ත පද්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද  සහභාගී වූහ.        

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved