Connect with us

පුවත්

අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වේ

Published

on

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එම පොරොන්දු 25න් 18 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු තිබුණත් ඒ සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදනවල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් බවත් එය සමස්ත මුදලින් සියයට 11 වැනි සුළු ප්‍රතිශතයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

පොරොන්දු 25න් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු හතරක් පමණක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 බවත් සඳහන්ය.

ගෙවුණු වසර දෙකක කාලයකදී අයවැය තුළින් වැඩිම මුදලක් වෙන්කළ සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා 2022 වසරේදී රුපියල් බිලියන 26.8 ක්ද 2023 වසරේදී රුපියල් බිලියන 43ක්ද වෙන්කර තිබූ බවත් එසේ විශාල මුදලක් වෙන් කර තිබුණත් එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට වසර දෙකේදීම රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය තවදුරටත් පෙන්වා දේ.

පුවත්

බැසිල්ගේ හොඳම ගෝලයා ජනපති අපේක්ෂකත්වයා ලෙස රනිල්ව යෝජනා කරයි!

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති  “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඉදිරිපත්කර තිබුණි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

එම රැලියේ සිටි සියලුදෙනා දෑත්  ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.
කෙසේවුවද, 

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සි‍ටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බවයි.

කළකට පෙර ප්‍රසන්න රණතුංග මහතා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුම සගයෙකු ලෙසයි කටයුතු කරනු ලැබුවේ.

Continue Reading

ක්‍රීඩා

ආසියානු හා ආබාධිත ආසියානු තරගාවලිවල පදක්කම් ලාභීන්ට මුදල් තෑගි පිරිනමයි

Published

on

By

ආසියානු තරගාවලියේ හා ආබාධිත ආසියානු තරගාවලියේ පදක්කම් ලාභීන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පොරොන්දු ප්‍රකාරව මුදල් පිරිනැමීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී රුපියල් කෝටි 12 කට අධික මුදලක් එම පදක්කම් ලාභීන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් අතර බෙදා දෙන ලදී. 

මෙම ප්‍රදානයන් ක්‍රීඩා, ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අතින් සිදු කෙරිණ. 

පැරිස් ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනාටද රුපියල් දස ලක්ෂය බැගින් මෙහිදී පිරිනැමිණ.

මෙම අවස්ථාවට ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාද සහභාගි විය.

ලබන ලද ජයග්‍රහණ අනුව වැඩිම මුදලක් ලැබුණු ක්‍රීඩිකාව වූයේ තරුෂි කරුණාරත්නයි.

Continue Reading

පුවත්

පෞද්ගලික වාහන ආනයනය ලබන වසර තෙක් කල්දාලා!

Published

on

By

පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා සිදුවන බව වාර්තා වේ.

කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවද පැවසේ.

එනමුත් රාජ්‍ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම ආරම්භ වන්නේ ලබන වසරේ පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසුව බවද වාර්තා වේ.

මීට පෙර විද්‍යුත් වාහන සහ පුද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා මෙම වසර අවසානයේ සිට අවසර ලබා දීමට රජය සැලැසුම් කර තිබිණි. 

කෙසේවුවද, එයද ලබන වසර දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

ආනයනය කරනු ලබන පුද්ගලික වාහන වලින් වැඩිම ප්‍රමාණය ත්‍රී රෝද රථ සහ යතුරු පැදි වේ. 

ඒ හේතුවෙන් පුද්ගලික වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්‍රමාද වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

600 සීසී සිට 800 සීසී දක්වා කාණ්ඩයට අයත් මෝටර් රථ පාලනයක් සහිතව ආනයනය කිරීමට රජය අවසර ලබා දෙනු ඇති බවත් මුල් අදියරේදී බලයලත් නියෝජිතයන්ට සහ මව් සමාගම්වලට ඒ සඳහා අවසර ලැබෙනු ඇති බවත් මේ අතර වාර්තා වේ.

 වාහන ආනයනය ලබන වසරේ ආරම්භ වූ පසු වාහන අමතර කොටස් ආනයනය කර මෙරටදී වාහන එකලස් කරන සමාගම් සඳහා රජය ප්‍රමුඛතාව ලබාදීමේ සැලැසුමක්ද ක්‍රියාත්මක බව වාර්තා වේ.

වාහන ආනයනය කිරීම සඳහා අවසර ලැබී නැති වෛද්‍යවරුන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බලපත්‍ර සඳහා අවසර ලබාදීම තීරණය කරනු ලබන්නේද ලබන වසරේදී බව පැවසේ. 

අවසරය ලබා ගැනීම සඳහා පෝලිමේ තිබෙන ආනයන බලපත්‍ර 10,000 සඳහා එකවර අවසර නොලැබෙනු ඇති බවද වාර්තා වන අතර, එසේම අනෙකුත් වාහනද පාලනයක් සහිතව ආනයනය කිරීමට ද අපේෂිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved