Connect with us

පුවත්

අරගලයේ මුල් කූඩාරම්කරු අභිරහස් ලෙස මියගිහින්!

Published

on

ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන්ට කෙටි පණිවුඩයක් යොමුකර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මයිලව, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ මුල්ලේරියාව හිඹුටාන පටුමග ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් 28 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා ගාලු මුවදොර අරගලයේ ප්‍රථම කූඩාරම සවි කළ පුද්ගලයා බවටද වාර්තා වෙයි.

පෙරේදා (18) දින මියගිය තරුණයා තමන් ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන් කිහිප දෙනෙකුට කෙටි පණිවුඩ යොමුකර තිබේ.

එය දුටු මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු ඔහුගේ සහෝදරයෙකු සමග මියගිය තරුණයා තාවකාලිකව නවාතැන් ගෙන සිටි හිඹුටාන පටුමග ප්‍රදේශයේ කාමරය වෙත පැමිණ පරීක්ෂා කිරීමේදී එහි දොර වසා තිබෙන අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

නිවෙස්හිමියාගෙන් අමතර යතුරක් ඇත්දැයි විමසීමේදී එම යතුරත් මියගිය පුද්ගලයා සතුව තිබෙන බවට දැනුම්දීමෙන් අනතුරුව මිටියක් ආධාරයෙන් දොර කඩා ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ මත සිහිසුන්ව සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව තරුණයාව මුල්ලේරියාව රෝහලට රැගෙන ඒමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසීය.

මියගිය අය පරිහරණය කළ බවට විශ්වාස කරන, ඇඳ මත තිබී භාවිතයට ගෙන ඇති වර්ග දෙකකින් යුත් වේදනානාශක සහ නිදිපෙති කාඩ්පත් කිහිපයක්, දුම්වැටි පැකට්ටුවක් සහ ලයිටරයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායකගේ නියෝග මත IDH රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කුලරත්න විසින් සිදුකර තිබේ.

වෛද්‍ය වාර්තා සහ සාක්ෂි මත මරණයට හේතුව විවෘත තීන්දුවක් ලබාදීම සිදු කෙරුණි.

මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලීසිය පැවසීය.

මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. එස් සුසන්තගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකෙරෙයි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved