Connect with us

පුවත්

අරගලයේ හවුල් කරුවෝ CIA හා RAW – ඇල්ලේ ගුණවංශ හිමි

Published

on

ඉකුත් කාලයේ රජයට විරුද්ධව ඇති වූ ‘අරගලය’ පසුපස ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ හිරු ටී.වී. සලකුණ සංවාදයට එක්වෙමින් චෝදනා එල්ල කළහ.

‘බෝන් අගේන්’ (Born Again) කල්ලිය අරගලය මෙහෙයවීමේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ක්‍රියාත්මක වූ බවත්, ජාත්‍යන්තර ඩයස්පෝරාව පවා ගෝල්ෆේස් අරගලය තුළ සිටි බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

රට අස්ථාවර කිරීමට වැඩි වශයෙන් අවශ්‍ය වූයේ ජාත්‍යන්තරයට බවත්, අරගලය ක්‍රියාත්මක මොහොතේ සිට ‘රෝ (RAW) සහ CIA’ ඔත්තු සේවය විශාල මෙහෙවරක් ඊට එක් කළ බවත් කීහ.

බෝන් අගේන් යනු 1980 වර්ෂයේ පමණ මෙරටට පැමිණි අමරිකානු ක්‍රිස්තියානු දහමේ එක් පාර්ශ්වකරුවෙක් වනබවත්, සමස්ත අරගලය ක්‍රියාත්මක කිරීමේ නොපෙනෙන හස්තය ලෙස ක්‍රියා කළේ බෝන් අගේන් ආගමික බැතිමතෙකු වන ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජූලි චන්ග්  බවත්, කියා සිටි හිමියන් ජාත්‍යන්තර ආක්‍රමණ මගින් අරගලය සේ ම මෙරට සම්පත් ද මංකොල්ල කෑමට උත්සාහ කළ බවත් ප්‍රකාශ කර තිබේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved