Connect with us

පුවත්

අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුන් දෙදෙනාගේ මරණය සැකයි

Published

on

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පැමිණි සිටි නීතිඥ අසංක දයාරත්න මහතාට දැනුම් දී තිබේ.

අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත බවට සිසුවාගේ පියා ප්‍රකාශ කර තිබෙන බැවින් ඔවුන්ගේ මරණයට සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ අසංක දයාරත්න මහතා ඊයේ (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ එම සිසුන් දෙදෙනාගේ මරණය සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් මරණයක් සැකසහිත බවට චෝදනා ගොනුකළ යුත්තේ පොලිසිය බවත්ය.

දැනටමත් කොම්පඤ්ඤවීදිය පොලිසිය බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බැවින් එහි ගොනු අංකය ලබාගෙන අදාළ පැමිණිල්ල පොලිසියට සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පැවැසුවේය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය පසුගියදා බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝගයක්ද නිකුත් කළේය.

මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත් එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත් එම අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී.

එම පකිස්තාන ජාතික සිසුවාගේ පියා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති වරප්‍රසාද ඇති ඉහළ නිලධාරියෙකුගේ පුතකු වූ බැවින් එම සිසුවාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපොහොසත් වූ බවද එහිදී කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසා ඇත.

සබැඳි පුවත්

වැටී මිය ගිය සිසුන්ගේ පාකිස්තානු මිතුරාගෙන් කටඋත්තර ගන්න බැරි වෙලා

15 හැවිරිදි සිසුන් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්නද? වැටුණද?

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved