Connect with us

පුවත්

අලුත් අවුරුද්දේ ජනපතිගේ මංගල විදෙස් ගමන උගණ්ඩාවට 

Published

on

නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව ජනවාරි මස 23 හා 24 දිනවල උගණ්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිල නියෝජිත පිරිසක් සහභාගි වීමට සූදානම් වන බව වාර්තා වේ.

නොබැඳි ජාතීන්ගේ කම්පාලා රාජ්‍ය නායක සමුළුවට රටවල් 120ක රාජ්‍ය නායකයන් හෝ නිල නියෝජිතයෝ සහභාගි වෙති. 

එයට අමතරව තවත් රටවල් 17ක් නිරීක්ෂක මට්ටමින් ද ජාත්‍යන්තර සංවිධාන 10ක් නිරීක්ෂණ සංවිධාන ලෙස ද සහභාගි වෙති.

උගණ්ඩා ජනාධිපති යොවේරි මුසවේනි විසින් මෙවර නොබැඳි සමුළුව විවෘත කරනු ලබයි. 

එහි නව සභාපතිවරයා ලෙස පත්වන්නේ ද උගණ්ඩා නායකයාය.

පුවත්

කොටහේන සිදුවිම – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

Published

on

By

කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණි.

කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදුව තිබේ.

මෙහිදී කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

ඒ අනුව මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවු බව සඳහන්ය.

ඉන් අනතුරුව මිය ගිය දැරියගේ මවගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇත.

ඉන් වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ වැළැක්වීමට විමර්ශන ඒකක

Published

on

By

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දෙන ලදී.

පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී  පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුළසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනා‍යහන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ් 

Published

on

By

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතකර තිබේ.

ඒ මහතා අද (15) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පැනවීය.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඒ මහතා යළි බන්ධනාගාරගත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved