Connect with us

පුවත්

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ

Published

on

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

‘දිනමිණ’ වෙත අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා සඳහන් කර ඇත්තේ මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයද රට පත්ව ඇති ඉරණම කෙරෙහි වගකිව යුතු පාර්ශවයක් බවය.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේදී රාජ්‍ය සේවයත් ප්‍රගතිශීලි විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙරට රාජ්‍ය සේවය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ අංශයක් බවත් නව ආණ්ඩුවක් ආ පමණින්ම ජනතාව අපේක්ෂා කරන ආකරයේ රටක් බිහි නොවන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පවසා තිබුණි.

”ආණ්ඩු එනවා, යනවා. රාජ්‍ය සේවය පවතිනවා. රාජ්‍ය සේවයත් මේ රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වුණු එකක්. මේක කුණු වෙලා. හැබැයි රාජ්‍ය සේවයේ හොඳ මිනිස්සුත් ඉන්නවා කිහිප දෙනෙක්. නමුත් පද්ධතියක් ලෙස ගත්තම රාජ්‍ය සේවයත් මේ රට කඩා වැටීමට සම්බන්ධයි. දැන් අපි මේ වෙනස් කරගෙන යන්නෙ ආණ්ඩුව. මෙම නොවැම්බර් 14 අපි ආණ්ඩුවක් හදන්න යන්නෙ. එයින් පසුව ගමේ ආණ්ඩුව ප්‍රාදේශීය සභාව හදනවා. එතනින් පස්සෙ සිද්ධ වෙනවා පළාත් ආණ්ඩුව හදන්න. එතකොට ජනතාව ප්‍රගතිශීලි ජනතාවාදී ආණ්ඩු හදන්න සූදානම්. එහි ආරම්භය නොවැම්බර් 14. හැබැයි අලුත් ආණ්ඩු ආ පමණින්ම එකපාරටම ජනතාව බලාපොරොත්තු වන රට බිහි වන්නෙ නැහැ. රට නිවැරදිව ඉදිරියට යන්න ජනතාවයි, රාජ්‍ය සේවයේ යෙදී සිටින අයයි, බලයට ගෙනෙන ආණ්ඩුයි කටයුතු කළ යුතුයි. එවිට තමයි ජනතාව බලාපොරොත්තු වන සංවර්ධිත රටක් ගොඩනඟන්න පුළුවන් වෙන්නෙ”

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved